‘නාකො­ටික්’ පරී­ක්ෂණ කඩි­නම් කෙරේ | Page 2 | සිළුමිණ

‘නාකො­ටික්’ පරී­ක්ෂණ කඩි­නම් කෙරේ

ත් ජාවා­රම්හි නිරත වූ බවට විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ සාමා­ජි­ක­යන් 18 දෙනා පිළි­බඳ සිදු කෙරෙන විම­ර්ශන කඩි­නම් කර නීති­ප­ති­තුමා මඟින් අධි චෝදනා බාර දී වැරැ­දි­ක­රු­වන් වන සියලු නිල­ධා­රින් හට 1979න් පසු මෙරට තුළ ක්‍රියා­ත්මක නොවූ මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර උප­රිම දඬු­වම් පමු­ණු­වී­මට පොලි­සි­යට ගත හැකි සියලු ක්‍රියා­මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලි­ස්පති අජිත් රෝහණ මහතා පව­සයි.

අසූ­හ­තර දහ­සක් පමණ වන ශ්‍රී ලංකා පොලි­සියේ 18 දෙනෙක් විසින් සිදු­කළ ජාවා­රම් නිසා­වෙන් සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටම අව­මා­න­යක් සිදුව ඇති හෙයින් මෙකී නිල­ධා­රින්ට එරෙ­හිව ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් පත්ක­රන ලෙසද ඉල්ලා සිටි බව කී නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මේ වන විට නිල­ධා­රින් 18 දෙනා සතුව තිබී මුද­ලින් රුපි­යල් තුන්කෝටි විසි­තුන් ලක්ෂ­ය­කට අධික මුද­ලක්ද,

වාහන 11ක් සහ ජාවා­ර­ම්ව­ලින් උප­යා­ගත් බවට අනා­ව­ර­ණය වන ඉඩම් කට්ටි 18ක්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු බාර­යට ගෙන ඇති බව පැවැ­සීය.

ඊට අම­ත­රව මේ නිල­ධා­රින් සමඟ තවත් නිල­ධා­රීන් මෙකී ජාවා­ර­ම්ව­ලට හවුල් වී ඇද්දැයි යන්න දිගින් දිග­ටම විම­ර්ශන සිදු­වන බවද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කීවේය. මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින නිල­ධා­රින් 12 සහ රැඳ­වුම් නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු බාරයේ පසු­වන නිල­ධා­රින් 6 දෙනා අතර පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් දෙදෙ­නෙක්, උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­රුන් තිදෙ­නෙක්, සැර­ය­න්ව­රුන් පස්දෙ­නෙක් සහ කොස්තා­ප­ල්ව­රුන් අට­දෙ­නෙක්ද සිටින අතර තවත් මෙකී ජාවා­ර­ම්ව­ලට අදා­ළව සිවිල් පුද්ග­ල­යන් තිදෙ­නෙක්ද අත්අ­ඩං­ගු­වට ගෙන සිටී.

Comments