ව්‍යාපා­රි­ක­යන්ට ණය දෙන්න බැංකු සීරු­වෙන් | සිළුමිණ

ව්‍යාපා­රි­ක­යන්ට ණය දෙන්න බැංකු සීරු­වෙන්

සු­ගිය කාලයේ ව්‍යාපාර අඩ­පණ වූ සිය­ලුම ව්‍යාපා­රි­ක­යන්ට බැංකු හරහා සහ­න­ශීලි ඇප මත ණය ලබා­දී­මට කට­යුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා සිළු­මි­ණට කීය.

මේ වන විට බැංකු සතුව රුපි­යල් බිලි­යන 200ක මුද­ලක් ඒ වෙනු­වෙන් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ණය ලබා දීම සඳහා බැංකු­ව­ලට ආර­ක්ෂණ සහ­ති­ක­යක් ලබා දෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධි­ප­ති­ව­රයා කීය. කොරෝනා නිසා ව්‍යාපාර අඩ­පණ වී ණය ගෙවා ගැනී­මට නොහැකි වූ ව්‍යාපා­රි­ක­යින්ට සහන කාල­සී­මා­වක් ලබා දී ඇතැ­යිද විශේෂ සහන කාල­සී­මාව බැංකු හා සාකච්ඡා කර දෙපා­ර්ශ්වයේ එක­ඟ­තා­ව­යෙන් 7%ක උප­රිම පොලී මුද­ලක් යටතේ ලබා ගැනී­මට හැකි වන බවද නියෝජ්‍ය අධි­ප­ති­ව­රයා කීය.

Comments