මැති­ව­ර­ණය තවත් උණු­සුම් වෙයි දින­කට රැස්වීම් - ජන­හමු 200ක් | Page 2 | සිළුමිණ

මැති­ව­ර­ණය තවත් උණු­සුම් වෙයි දින­කට රැස්වීම් - ජන­හමු 200ක්

මැති­ව­රණ උණු­සුම වැඩි වෙද්දී දින­කට දිව­යින පුරා පව­ත්වනු ලබන මහ­ජන හමු­වීම් හා රැස්වීම් සංඛ්‍යාව දෙසී­යක් පමණ දක්වා වැඩි වී තිබේ. අද (12) ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යින් සහ­භාගි වන මහ­ජන හමු 70 කට අධික ප්‍රමා­ණ­යක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කීප­යක පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මන්ත්‍රී­ධුර අපේ­ක්ෂ­ක­යන්ට සහය පළ කර­මින් දිස්ත්‍රි­ක්ක­යෙන් දිස්ත්‍රි­ක්ක­යට යන ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා 13දා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යන් සංවි­ධා­නය කර ඇති රැස්වීම් 12කට සහ­භාගි වනු ඇත. ජනා­ධි­ප­ති­ව­රයා පෙ.ව. 9.00ට රිකි­ල්ල­ග­ස්ක­ඩදී පැවැ­ත්වෙන පළමු ජන හමු­වට සහ­භාගි වනු ඇත.

අග­මැති මහින්ද රාජ­පක්ෂ අද කොළඹ දිස්ත්‍රි­ක්කයේ පැවැ­ත්වෙන මහ­ජන හමු 12කට සහ­භාගි වනු ඇත.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යින් ගේ ජය තහ­වුරු කරන මහ­ජන හමු 13කට අග­මැ­ති­ව­රයා 13 වැනිදා සහ­භාගි වන අතර 14 වන අඟ­හ­රු­වාදා පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යින් ගේ ජය­ග්‍රාහි රැස්විම් අට­කට අග­මැ­ති­ව­රයා සහ­භාගි වනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා අන්ත­ර්ජා­ලය ඔස්සේ ජන­හමු පව­ත්වන අතර සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා ද අද (12) කොළඹ දිස්ත්‍රි­ක්කයේ පැවැ­ත්වෙන ජන­හමු අට­කට සහ­භාගි වීමට නිය­මි­තය. පෙ.ව.9.30 සිට ප.ව.6.00.දක්වා.කොළඹ උතුර හා බට­හිර සංචා­රය කරන ඔහු කැස්බෑව කාන්තා බල­ම­ණ්ඩ­ලයේ රැස්වී­මට ප.ච.6.30 ට සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

ජනතා විමුක්ති පෙර­මුණේ නායක අනුර කුමාර දිසා­නා­ය­කද අද (12) කොළඹ දිස්ත්‍රි­ක්කයේ පැවැ­ත්වෙන රැස්වීම් 12කට සහ­භාගි වීමට නිය­මි­තය.

Comments