මහ මැති­ව­ර­ණ­යෙන් පසු දැවැන්ත දේශ­පා­ලන පෙර­ළි­යක් | සිළුමිණ

මහ මැති­ව­ර­ණ­යෙන් පසු දැවැන්ත දේශ­පා­ලන පෙර­ළි­යක්

හ මැති­ව­ර­ණ­යෙන් පසු සමඟි ජන බල­වේ­ගයේ පිරි­සක් නැවත එජා­පය සමඟ එක­තු­වී­මට දැන­ට­මත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර තවත් සැල­කිය යුතු පිරි­සක් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ සමඟ එක­තු­වීමේ අපේ­ක්ෂා­වෙන් එම පෙර­මුණේ නාය­ක­යින් සමඟ ද රහස් සාකච්ඡා වට කීප­යක්ම මේ වන විටත් පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජ්‍යෙෂ්ඨ­යෙක් සිළු­මි­ණට පැව­සීය.

මේ පිරිස අතර ඉකුත් පාර්ලි­මේ­න්තුවේ සිටි මන්ත්‍රී­වරු දස දෙනෙකු පමණ සිටින බවත් ඔවු­න්ගෙන් තිදෙ­නෙ­කුට විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට සම්බන්ධ කර ගැනී­මට නොහැකි තත්ත්ව­යක් උදා වී ඇති බව ද එම ප්‍රකා­ශ­කයා කීවේය. එමෙන්ම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ රාජ්‍ය පාලන ප්‍රති­පත්ති පිළි­බ­ඳව පැහැ­දී­මෙන් මෙවර මැති­ව­ර­ණ­යට එජා­ප­යෙන් තරග කරන තරුණ අපේ­ක්ෂ­ක­යන් සිව් දෙනෙකු ඉකුත් සතියේ ජනා­ධි­ප­ති­ව­රයා හමු වී සාකච්ඡා කර ඇත. සමඟි ජන බල­වේ­ගයේ ජන­ප්‍රිය අපේ­ක්ෂ­ක­යන් කීප දෙනෙ­කුම ඉකුත් සතියේ කොළ­ඹින් පිට­තදී ජනා­ධි­ප­ති­ව­රයා හමුවී සාකච්ඡා කර ඇති බවද දැන ගන්නට ඇත.

සමඟි ජන බල­වේ­ග­යෙන් එජා­ප­යට යළි සම්බන්ධ වීමට සුදා­න­මින් එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමු වූ කණ්ඩා­ය­ම­කට වික්‍ර­ම­සිංහ මහතා ඉකුත් සතියේ උප­දෙස් දී ඇත්තේ මේ මොහොතේ තම තමන් ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් වෙහෙස වී කට­යුතු කර­නවා හැර පක්ෂ මාරු කීරි­මට උත්සාහ නොක­රන ලෙසය.

ජය­ග්‍ර­හ­ණය කළ පසුව ආණ්ඩු­වක් සෑදී­මට කට­යුතු කළ යුතු බව වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන ආය­ත­න­වල මන්ත්‍රීන් වෙනත් පක්ෂ­ය­කට සහාය ලබා දෙන්නේ නම් ඔවුන් වෙනු­වට වෙනත් අය පත් කිරී­මට කට­යුතු කිරී­මට එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය විසින් තීර­ණය කර ඇති හෙයින් සමඟි ජන බල­වේ­ග­යට සහාය දැක්වී­මට ඔවුන් මැලි­ක­මක් දක්වන බවද වාර්තා වී තිබේ.

Comments