කොටි සෙව­ණැලි සොයා උතුරේ මෙහෙ­යුම් | සිළුමිණ

කොටි සෙව­ණැලි සොයා උතුරේ මෙහෙ­යුම්

තුරේ ප්‍රදේශ කිහි­ප­යක එල්.ටී.ටී‍.ඊ. ක්‍රියා­කා­ර­කම් ඉස්මතු වීමත් සමඟ උතුරු පළාතේ දැවැන්ත සෝදිසි මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර ඇතැයි යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා ‘සිළු­මිණ’ ට පැව­සීය.

මේ සඳහා යුද හමු­දා­වට අම­ත­රව පොලි­සිය ද එක්ව ඇති බවත් මෙහෙ­යුම් කට­යුතු දින­පතා සිදු කරන බවත් හෙතෙම අව­ධා­ර­ණය කෙළේ ය. අයි­ය­කච්චි ප්‍රදේ­ශ­යේදී හිටපු කොටි සාමා­ජි­ක­යෙකු බෝම්බ­යක් පුපුරා යාමෙන් මිය යාමත් සමඟ එල්.ටී.ටී‍.ඊ. ක්‍රියා­කා­ර­කම් රැසක් පිළි­බ­ඳව තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට බුද්ධි අංශ­ව­ලට හැකි විය.

මිය­ගිය හිටපු එල්.ටී.ටී‍.ඊ. සාමා­ජි­කයා කොටි බුද්ධි අංශ සාමා­ජි­ක­යෙකු බවත් ඔහු පුන­රු­ත්ථා­ප­නය සඳහා යොමු වී සිටි පුද්ග­ල­යකු බවත් අනා­ව­ර­ණය වී තිබේ.

ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ග­ල­යින් සිවු­දෙ­නකු මේ වන­විට ආර­ක්ෂක අංශ විසින් අත්අ­ඩං­ගු­වට ගෙන පරී­ක්ෂණ පැවැ­ත්වීම සඳහා පොලි­සි­යට භාර දී ඇත.

යාප­නය සර­ස­විය තුළ සිදු කරන එල්.ටී‍.ටී.ඊ. සැම­රු­මක් පැවැ­ත්වීම සම්බ­න්ධව ද යුද හමු­දාව පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

Comments