කන්ද­කා­ඩුවේ කොරෝනා පැති­රීම වළ­ක්වන්න පුළුල් මෙහෙ­යු­මක් | සිළුමිණ

කන්ද­කා­ඩුවේ කොරෝනා පැති­රීම වළ­ක්වන්න පුළුල් මෙහෙ­යු­මක්

න්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­යෙන් කොරෝනා රෝගීන් හමු­වී­මත් සමඟ එය පැති­ර­යාම වැළැ­ක්වීම සහ පාල­නය කිරීම සඳහා සෞඛ්‍ය, අංශ ආර­ක්ෂක අංශ සමඟ එක්ව දැවැන්ත මෙහෙ­යු­මක් ආරම්භ කළ බව කොවිඩ් - 19 නිවා­රණ මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධානී යුද හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව­සයි.

එහි සේවය කළ කාන්තා උප­දේ­ශි­කා­ව­කට රෝගය වැළ­ඳී­මත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය පාල­නය කිරීම සඳහා මාර­විල ප්‍රදේ­ශ­යට යුද හමුදා කණ්ඩා­යම් යොදවා අවශ්‍ය සෞඛ්‍ය වැඩ­පි­ළි­වෙ­ළ­වල් වහාම ක්‍රියා­ත්මක කළ බව ද හමු­දා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කෙළේ ය.

 දින 70 වකට පසු මෙලෙස සමා­ජ­යෙන් රෝගි­යකු වාර්තා­වී­මත් සමඟ දැවැන්ත අභි­යෝ­ග­යක් ජය ගැනීම සඳහා සෞඛ්‍ය සේව­යට අදාළ අංශ මෙන් ම කොවිඩ් නිවා­ර­ණය සඳහා එක්ව සිටින කණ්ඩා­ය­ම්ව­ලට සිදුවී ඇති බව ද හමු­දා­ප­ති­ව­රයා කියයි.

මත්ලෝලී පුන­රු­ත්ථා­ප­න­යට ලක්වූ­වන් 45 පමණ මෙම කඳ­වුරේ සිට ඇති අතර ඔවුන් බැලී­මට පැමිණි පුද්ග­ල­යින් ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යින් මෙන් ම මෙම කඳ­වු­රට සම්බ­න්ධවූ සියලු පුද්ග­ල­යින් නිරෝ­ධා­ය­නය මධ්‍ය­ස්ථා­න­ව­ලට වහාම යොමු කිරී­මට යුද හමු­දාව පිය­වර ගෙන තිබේ.

කඳ­වු­රට සම්බන්ධ වූ පුද්ග­ල­යින් සියලු දෙනා මේ වන­විට හමුදා බුද්ධි අංශ විසින් හඳු­නා­ගෙන පී.සී.ආර්. පරී­ක්ෂණ සඳහා යොමු කර ඇත. පොලො­න්න­රුව රෝහල් අධ්‍ය­ක්ෂක ඇතුළු සෞඛ්‍ය අංශ, රාජ්‍ය අංශයේ නොයෙක් ආය­තන එක් කර­ග­නි­මින් මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන බව ද යුද හමු­දා­ප­ති­ව­රයා පව­සයි.

 

Comments