අඟුලාන වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණ | සිළුමිණ

අඟුලාන වෙඩි තැබීම ගැන පුළුල් පරීක්ෂණ

මොරටුව, අඟුලාන, ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසීය පවසයි.

ඊයේ රාත්‍රී 12.30 ට පමණ පොලිස් මාර්ග බාධකයකදී ත්‍රීරෝද රථයක පැමිණි පිරිසක් සහ පොලීසීය අතර ඇතිවූ කලහකාරී තත්ත්වයකදී පොලීසීය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, එහිදී පොලිස් නිලධාරීන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

Comments