පොහො­ට්ටු­වට අනි­වා­ර්ය­යෙන්ම මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකේ බල­යක් ලැබෙ­නවා | සිළුමිණ

පොහො­ට්ටු­වට අනි­වා­ර්ය­යෙන්ම මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකේ බල­යක් ලැබෙ­නවා

එජා­ප­යට එරෙ­හිව ආරම්භ කළ ශ්‍රීල­නි­පය අද වැටී ඇති තත්ත්වය ගැන ඔබ මොන­වද හිතන්නෙ?

ලෝක දේශ­පා­ලන ස්වභා­වය තමයි කලින් කලට දේශ­පා­ලන පක්ෂ උඩ යට යෑම. ශ්‍රීල­නි­ප­ය­ටත් ඒ තත්ත්වය පොදුයි.

ශ්‍රීල­නි­පයේ අද ක්‍රියා­කා­රී­ත්වය ගත්තම මම සන්තෝෂ වෙනවා. මොකද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කියන්නේ ශ්‍රීල­නි­පයේ නිවුන් සහෝ­ද­රයා. ඒ සහෝ­ද­ර­යත් එක්ක එකතු වෙලා අද අපි මේ රටට හොඳ නාය­ක­යෙක් බිහි කරලා තියෙ­නවා. ඒ නාය­ක­යත් එක්ක රට හදන්න අපි මේ මහ මැති­ව­ර­ණ­යේදී ජන­තා­ව­ගෙන් තුනෙන් දෙකේ බල­යක් ඉල්ල­නවා.

ශ්‍රීල­නි­පය දුර්වල වුණාම අනෙ­කුත් පක්ෂ­වල සහය ලබා ගෙන කට­යුතු කිරීම සාමාන්‍ය දෙයක් වුණත් මෙවර ශ්‍රීල­නි­පය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ එල්ලිලා ගොඩ යන්න හද­නවා. ඒ ගැනයි මම අහන්නෙ?

නෑ.. නෑ මේ තත්ත්වය කාගෙ­වත් එල්ලිලා යෑමක් කියල කියන එක වැර­දියි. අපිට සමාන ප්‍රති­පත්ති තිබෙන තවත් දේශ­පා­ලන පක්ෂ­යක් එක්ක එකතු වීම පරා­ජ­යක් හෝ දුර්ව­ල­ක­මක් නෙමෙයි. මේක අසා­මාන්‍ය දෙයක් ලෙස හුවා දක්වන්න හදන්නෙ ඇයි? අපේ මේ එක­තු­වීම රටේ දියු­ණු­වට ඉතා වැද­ගත්. හැමෝම එකතු වුණාම තමයි ලොකු ශක්ති­යක් ඇති වෙන්නෙ.

ඔබ කියන අකා­ර­යට හැමෝම එක­තු­වෙන්න ඕන. නමුත් ශ්‍රීල­නි­පය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ පොහො­ට්ටුව ලකු­ණෙන් මැති­ව­ර­ණ­යට තරග කරන අතරේ සම­හර දිස්ත්‍රි­ක්ක­ව­ලට අත ලකු­ණෙන් ශ්‍රීල­නි­පය තනිව තරග කර­නවා. එහෙම වුණේ ඇයි?

ඇත්ත­ටම එහෙම වුණේ ශ්‍රීල­නි­පයේ වැඩි පිරි­ස­කට පොහො­ට්ටුවේ නාම යෝජනා ලබා ගන්න බැරි­වුණ නිසයි. ඔබ මුලින් සඳ­හන් කළ ආකා­ර­යට ශ්‍රීල­නි­පය පැරණි දේශ­පා­ලන පක්ෂ­යක්. ඒ වටා එකතු වූ විශාල පිරි­සක් ඉන්නවා. ආසන මට්ට­මෙන් විශාල පිරි­සක් මැති­ව­ර­ණ­යට තරග කරන්න අය­දුම් කර තිබුණා.

ඒ අයට අව­ස්ථාව දෙන්න ඕන නිසා තමයි සම­හර දිස්ත්‍රි­ක්ක­ව­ලට ශ්‍රීල­නි­පය තනිව අත ලකු­ණින් ඉල්ලන්නෙ. මේකෙදි ජන­තා­වට ⁣තමන් ගේ ප්‍රදේ­ශයේ නාය­කයා තෝරා ගන්න වැඩි අවස්ථා ලැබෙ­නවා.

පොහො­ට්ටුවේ හෝ අත ලකුණ යටතේ ජන­තාව වඩාත් කැමති කෙනාට ඔවුන් ඡන්දය දීලා ⁣ඔවුන් ගේ නාය­කයා තෝරා පත් කර ගනීවි. මීට පෙරත් මෙවැනි අවස්ථා තිබුණා.

 

ඇත්ත­ටම ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි වුණේ ශ්‍රීල­නිප පාක්ෂි­ක­යන්ට වික­ල්ප­යක් ලෙසයි. දැන් ඒ පක්ෂයේ ක්‍රියා­කා­රි­ත්වය ඔබ දකින්නෙ කොහො­මද?

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පිළි­බ­ඳව මගේ ලොකු ගෞර­ව­යක් තියෙ­නවා.

මොකද ශ්‍රීල­නි­පය එජා­පය සමඟ ආණ්ඩු­වක් හදා ගත්තාම ශ්‍රීල­නි­පයේ හැමෝම ඒකට කැමති වුණේ නෑ.

එහෙම අක­මැති වූ අය දේශ­පා­ල­නි­කව අස­රණ නොකර රැක ගත්තේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණයි. එහෙම නොවුණා නම් ශ්‍රීල­නි­ප­යට අද මෙහෙම ජන­තාව අත­රට යන්න­වත් අව­ස්ථා­වක් නැති වෙන්න ඉඩ තිබුණා.

විශේ­ෂ­යෙන් එදා පාර්ලි­මේ­න්තුවේ නිල විප­ක්ෂ­යක් තිබි­යදී පාර්ලි­මේ­න්තු­වේදී වගේම ඉන් පිට­ත­දීත් ආණ්ඩුව විවේ­ච­නය කර­මින් පාල­ක­යන් නිවැ­රැදි දිසා­වට යොමු කර­න්නත් ඒ සදහා මෙරටේ ප්‍රග­ති­ශීලි ජන­තාව ඒක­රාශි කර­න්නත් පුළු­වන් වුණේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි වූ නිසයි.

ඒ වගේම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් වුණේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නිසා ­බව අපි හැමෝ­ටම පිළි­ග­න්නත් සිද්ධ වෙනවා.

 

මේ මහ මැති­ව­ර­ණ­යේදී පොහො­ට්ටු­වට පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකේ බල­යක් අපේක්ෂා කර­නවා.ඔබ හිතන විදි­යට ඒ අපේ­ක්ෂාව ඉටු වෙයිද?

ඔව් මේ රටේ පාර්ලි­මේන්තු මැති­ව­රණ ඉති­හා­සය නිරී­ක්ෂ­ණය කළාම පේනවා තනි පක්ෂ­යක් විදි­යට පොහො­ට්ටු­වට මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකක් ලබා ගන්න තියෙන සම්භා­වි­තාව ඉතාම වැඩියි.

ඒකට බල­පාන කරුණු කීප­යක් තියෙ­නවා. ඉන් පළමු වැන්න ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ කෙරෙහි මේ රටේ ජන­තාව තුළ තිබෙන ජන­ප්‍රි­ය­ත්වය.

අනෙක් කාර­ණය තමයි මහින්ද රාජ­පක්ෂ කියන ජනතා හද­වතේ නාය­කයා මේ මැති­ව­ර­ණ­යේදී අග­මැ­ති­ධුර අපේ­ක්ෂ­කයා වීම.

අනෙක් කාර­ණය තමයි මෙරටේ ශක්ති­මත් ප්‍රබල විප­ක්ෂ­යක් නැතිව ප්‍රධාන පක්ෂ කෑලි­ව­ලට කැඩිල මැති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම. මේ කියන කාරණා මීට පෙර මැති­ව­ර­ණ­ව­ලදී එක දිගට පෙළ ගැහිල නෑ. අපි නිර­තු­රුව ගම සමඟ තිබෙන සබ­ඳ­තාව තුළ දින­පතා අත්ද­කින දේ තමයි උග්‍ර එජාප පාක්ෂි­ක­යන් පවා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා කෙරෙහි ආක­ර්ෂ­ණය වෙලා මෙවර මැති­ව­ර­ණ­යේදී ඔවු­නුත් පොහො­ට්ටු­වට ඡන්දය දෙන්න තීර­ණය කර තිබෙ­නවා කියන එක. ඒ අනුව අනි­වා­ර්ය­යෙන්ම පොහො­ට්ටු­වට මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකේ බල­යක් ලැබෙ­නවා.

 

ජනා­ධි­ප­ති­ව­ර­ණය ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට ජය ගන්න සිංහල ඡන්ද විශාල බල­පෑ­මක් වුණා කියල කිය­නවා. මේ මැති­ව­ර­ණ­යේ­දීත් දෙමළ මුස්ලිම් ඡන්ද අඩු­වෙන්න පුළු­වන් කියල හිත­න­වාද?

ජනා­ධි­ප­ති­ව­ර­ණය කියන්නේ රටේ නාය­කයා පත් කරන ඡන්ද­ය­ටයි. ඒ ඡන්ද­යේදී දෙමළ මුස්ලිම් බහු­ත­රය ගෝඨා­භය රාජ­ප­ක්ෂට එරෙ­හිව ඡන්ද පාවිච්චි කළ බව රහ­සක් නොවෙයි. එහෙත් මේ මැති­ව­ර­ණ­යේදී තම ප්‍රදේශ දියුණු කරන්න ගමේ ජනතා ප්‍රශ්න විසඳගන්න පුළු­වන් ගමේ කෙනෙක් පත් කර ගන්න ඕන.

එහෙම පත් කර ගන්න කෙනා අනා­ග­තයේ බිහි­වෙන රජයේ කෙනෙක් වෙන්නත් ඕන. ඒක වතු­ක­රයේ මෙන්ම නග­ර­යේත් දෙමළ මුස්ලිම් ජන­තාව දන්නවා. ඒ නිසා මෙවර දෙමළ මුස්ලිම් ජන­තාව පොහො­ට්ටු­වට ඡන්දය දෙන්න දැන­ටම තීර­ණය කර­ලයි තියෙන්නෙ.

 

ඔබ ජය­ග්‍ර­හ­ණය කළොත් කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ සංව­ර්ධන සැලැස්ම හෙළි කරන්න පුළු­වන්ද ?

ඇත්ත­ටම ඒක වචන දෙක තුන­කින් කියන්න බෑ. ඒ කොහොම වුණත් රබර් වගාව නගා සිටු­වලා රබ­ර්ව­ලට හොඳ ආදා­ය­මක් ලබා ගත හැකි පරිදි රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා­වක් කෑගල්ලේ පිහි­ටු­වන එක මගේ සැලැස්මේ දැවැන්ත ඉල­ක්ක­යක්. අනක ජන­තාව මුහුණ දෙන අනේ­ක­විධ ගැටලු කඩි­න­මින් විස­දීම සඳහා පුළුල් කාර්ය­ක්ෂම යාන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක කිරී­මත් මගේ ප්‍රමුඛ අර­මු­ණක්.

Comments