අප කළ යුත්තේ නාය­ක­ත්ව වන්ද­නාව හෝ පුද්ගල වන්ද­නාව නොව ප්‍රති­පත්ති වන්ද­නා­වයි | සිළුමිණ

අප කළ යුත්තේ නාය­ක­ත්ව වන්ද­නාව හෝ පුද්ගල වන්ද­නාව නොව ප්‍රති­පත්ති වන්ද­නා­වයි

පැවැ­ත්වී­මට නිය­මිත 2020 මහ මැති­ව­ර­ණය මෙරට අනා­ග­තය සම්බ­න්ධ­යෙන් ඉතා තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යකි. ඊට හේතුව මේ වන විට අපේ රට ගෝලීය අභි­යෝග ගණ­නා­ව­කට මුහුණ දෙමින් සිටින අතර කලා­පීය වශ­යෙන් ද අභි­යෝග ගණ­නා­වක් මතුවී පැව­තී­මයි. ඊට අම­ත­රව ජාතික අභි­යෝග ද මතු­වෙ­මින් පවතී. නොවැ­ම්බර් මාසයේ නව ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත්කර ගැනී­මෙන් පසුව අන­පේ­ක්ෂිත තත්ත්ව­යන් මතු විය. මන්ද ජනා­ධි­ප­ති­ව­ර­යාට පළමු මාස තුනක කාලය තුළ කට­යුතු කිරී­මට සිදු­වූයේ ප්‍රති­වි­රුද්ධ පාර්ලි­මේන්තු බල­යක් පව­තින තත්ත්ව­යක් තුළ­දීය. ඉන් අන­තු­රුව තවත් අන­පේ­ක්ෂිත සිදු­වී­මක් ලෙස කෝවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සිදු විය. ඒ හේතු­වෙන් කලින් තීන්දු කර­ගත් දින­යට පාර්ලිමේන්තු මැති­ව­ර­ණය පවත්වා ගැනී­මට නොහැකි විය. විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාට රට පාල­නය කිරී­මට සිදු වූයේ පාර් ලිමේ­න්තු­වක් නොමැ­ති­වය. ඒ අභි­යෝග දෙක නිසා නීති සම්පා­ද­නය සහ මුදල් සම්මත කර­ගැ­නී­මට නොහැකි විය. ජනා­ධි­ප­ති­ව­රයා මුදල් පාල­නය කර­මින් රට පාල­නය කරනු ලබ­නුයේ ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාවේ ප්‍රති­පා­දන අනු­වය.

කෝවිඩ් 19 ලොවම වෙලා­ගත් බල­ගතු වසං­ග­ත­යකි. මෙවැනි බර­ප­තළ වසං­ග­ත­යක් වසර පන්ද­හ­සක ඉති­හා­සය පුරා ඇසී­මට සිදු වී නැත. යම් යම් වසං­ගත රට­ව­ලට සහ කලා­ප­ව­ලට සීමාවී තිබු­ණත් ලොවම වෙළා ගත් මෙවැනි වසං­ග­ත­යක් ඉති­හා­සය පුරා නොඇසූ නොවිරූ තත්ත්ව­යකි. මේ වසං­ග­තය මාස­යක් තුළදී ලොවම වැලඳ ගන්නා තත්ත්ව­යක් මතු කළේය. මෙම වසං­ග­තය නිසා ලෝක ආර්ථි­කය මාස තුනක් වසා දැමී­මට සිදු විය. මේ නිසා ගම­නා­ග­ම­නය, ප්‍රවා­හ­නය, ආන­යන අප­න­යන නිෂ්පා­ද­නය ඇන හිටිණි. ලොව පුරා පැතිරී ගිය වසං­ග­තය හරහා අපේ රටේ ආර් ථිකය ද අර් බුද­ය­කට පත්විය. ලෝක ආර් ථික අර් බුදය සම්බ­න්ධ­යෙන් නොයෙ­කුත් පුරෝ­ක­තන සිදුවේ. බිඳ වැටුණු ලෝක ආර් ථිකය වසර දහ­යක් යන තුරු යළි යථා තත්ත්ව­යට ගත නොහැකි බව ඇතැ­මුන් පව­සති.

මෙවැනි තත්ත­ව­යක් තුළ එකී සියලු කාරණා සලකා බලන විට පෙනී යන්නේ වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා නව ශෛලි­ය­කින් කට­යුතු කරන නාය­ක­යකු බවයි. එතුමා වැඩි­යෙන් වැඩ කරන වැඩ කාර­යෙක් ලෙස මා දකිමි. විශේ­ෂඥ මත ගරු කරන දුර දැක්මක් සහිත ජනා­ධි­ප­ති­ව­රයා කෝවිඩ් 19 වසං­ගත අව­දා­නම හඳු­නා­ගත් වහාම ජනා­ධි­පති කාර්ය සාධක බල­කා­යක් සුදා­නම් කර­මින් ඒ සම්බ­න්ධ­යෙන් පෙර සුදා­න­මක් ඇති ක‍ළේය. ඔහුට දැක්මක් ඇත.

වෙනත් රට­ව­ලට වඩා මේ වසං­ග­තය හොඳින් පාල­නය කර ගැනී­මට අප රටට හැකි වූයේ ඒ නිසාය. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර උප­දෙස් ද ලබා­ගෙන කාර්ය සාධක බල­කාය නිය­මා­කා­ර­යෙන් ක්‍රියා­ත්මක වූ නිසා අප රටේ රෝගීන් වාර්තා වූයේ ඉතා සුළු මරණ සංඛා­වක් පමණි. එවැනි පසු­බි­මක සිට අනෙක් රට­වල් සමඟ සසදා බැලීමේ අප විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගෙන ඇත.

එබැ­වින් ඉදි­රි­යේදී අප සැල­සුම් කළ යුතු වන්නේ 2020 සහ 2025 කාලය තුළ රටේ පාල­නය කෙබඳු දිසා­ව­කට ගමන් කළ යුතු ද යන කාර­ණා­වයි. අපට හොඳ පාර්ලි­මේ­න්තු­වක් සහ හොඳ දේශ­පා­ලන සංස්කෘ­ති­යක් අව­ශ්‍යයි. දේශ­පා­ලන සංස්කෘ­තිය පිරිහී යෑම නිසා පහු­ගිය පාර්ලි­මේ­න්තුව අවා­ස­නා­වන්ත තත්ත්ව­යක් නිර්මාණය කළේය. අති බහු­තර ජන­තාව ප්‍රාර්ථනා කළේ මේ රටට යළි එවැනි පාර්ලි­මේ­න්තු­වක් ඇති නොවේවා යන ප්‍රාර්ථ­නා­වය. එබැ­වින් ජනා­ධි­ප­ති­ව­ර­යාට සහාය දිය හැකි ශක්ති­මත්, බුද්ධි­මත් සහ වින­යා­නු­කූල මන්ත්‍රීන් පිරි­සක් පාර් ලිමේ­න්තු­වට යැවිය යුතුය. හොඳ කැබි­නට් මණ්ඩ­ල­යක් සාදා ගැනී­මට එය උප­කාරී වේ. පළමු අපේ­ක්ෂාව විය යුත්තේ එයයි.

අප ඉදි­රියේ ඇති දෙවැනි අභි­යෝ­ගය වන්නේ අපේ ආර්ථි­ක­යයි. වසර හත­ළි­හක් නව ලිබ­ර­ල්වාදී උපාය මාර්ග සහිත ආර්ථික රටා­ව­කට අප හුරු පුරුදු වී ඇත. ආණ්ඩු මාරු වුව ද අප ගමන් කළ යුත්තේ ඒ උපාය මාර්ග තුළය. ජේ. ආර්. ජය­වර්ධන මහ­තා­ගෙන් පසුව නව ලිබ­ර­ල්වාදි ආර්ථික ප්‍රති­ප­ත්තිය සහ ඒ පිළි­වෙත දිග­ටම ක්‍රියා­ත්මක විය. වසර 42 කට පසු ආපසු හැරි බලන විට ජේ. ආර්. ජය­ව­ර්ධන මහතා අපේක්ෂා කළ කරුණු ඉටු වී ඇති බවක් පෙනේ.

එම ආර්ථික උපාය මාර්ග සකස් කරන විට ඔහු කියා සිටියේ අපට අප­න­යන ආර්ථික­යක් තිබෙන බවයි. ගෝලීය කර­ණය වූ ආර් ථික­යක් තුළ අපේ අප­න­ය­නය ශක්ති­මත් කළ හැකි එකම ක්‍රමය එය බව ඔහු පැව­සීය. නමුත් අව­සා­න­යේදී අපේක්ෂා කළ අප­න­යන ආර් ථිකය නොව අප­න­ය­න­යට වඩා දෙගු­ණ­යක් වැඩි ආන­යන ආර් ථික­යක් අපට ඉතිරි වී ඇත.

එමෙන්ම පසු­ගිය කාලයේ ආර්ථික උපාය මාර් ග නිසා ගැටලු විශාල සංඛා­වක් මතු වී ඇත. ඉන් පළමු වැන්න ආර­ම්භ­යේදී මහ භාණ්ඩා­ගා­ර­යට ගලා ආ රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­ද­න­යෙන් සිය­යට විසි­ප­හක් වූ අතර එය දැන් සිය­යට දහය දක්වා පහත වැටී ඇත. 1978 සිට එය ටිකින් ටික පහත වැටී­මට හේතු වූයේ මුල්‍ය ප්‍රති­ප­ත්තිය ඇති හැකි පන්ති­යට වාසි ආකා­ර­යට සකස් වීමයි. බදු බර සිය­යට 30ක් පාරි­භෝ­ගි­කයා මතත් සිය­යට පහ­ලො­වක් අනෙක් කොටස් මතත් පැට­විණ. ඇති හැකි පන්ති­යට සිය­යට 5ක් සහ ජන­තා­වට සිය­යට 85 බදු බර පැට­විණ. එම ආර් ථික ප්‍රති­ප­ත්තිය නිසා ජන­ග­හ­න­යෙන් සිය­යට 20ක් ආදා­ය­මෙන් සිය­යට 55ක් භුක්ති විඳි­මින් සිටී. එම නිසා ඇති නැති පර­ත­රය සහ දරි­ද්‍ර­තාව ඉහළ ගොස් ඇත.

රට මුහුණ දෙන එකී අභි­යෝග ගැන ජන­තාව දැන­ගත යුතුය. ආර්ථික උපාය මාර්ගයේ වෙන­සක් නොකළ අපට අඩි­ය­ක්වත් ඉදි­රි­යට යා නොහැ­කිය. වසර හත­ලි­හක් පුරා අපි ලද අත්දැ­කිම් අනුව අපි විකල්ප ගැළ­පීම්, සංශෝ­ධන ක්‍රමා­නු­කූල කළ යුතුය. අද වන විට මහා භාණ්ඩා­ගා­රය මුදල් නැති තත්ත්ව­යක් ඇති වෙමින් පවතී. දා හතර ලක්ෂ­ය­කට රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ ගැට­ලුව මතු­වෙයි. විදේශ විනි­මය අඩු වී ඇත. විදෙස් විනි­මය සංචි­තය ඩොලර් හත­රක් පව­තී. මෙම අර්බුද විසඳා ගන්නේ නැතිව පාර්ලි­මේ­න්තු­වක් හැදී­මෙන් ඵලක් නැත.

‘සෞභා­ග්‍යයේ දැක්ම‘තුළ මෙය ක්‍රියා­ත්මක විය යුතු ආකා­රය මනාව සඳ­හන් වේ. පසු­ගිය නොවැ­ම්බ­රයේ සිට ලෝක තත්ත්වය වෙනස් වීම නිසා ක්‍රියා­ත්මක කළ නොහැකි වූ සෞභා­ග්‍යයේ දැක්ම දැන් නැවත යාවත් කාලීන කළ යුතුය.

අප අප­න­යන කළ යුතු වන්නේ කාටද? ඒ රට­වල මිනි­සුන්ට බඩු මිලදී ගැනීමේ ක්‍රම­වේ­ද­යක් තිබෙ­න­වාද යන ගැට­ලු­ව­ලට පිළි­තුරු සෙවිය යුතුව ඇත. ඒ අනුව අපිට අලුත් වෙළ­ඳ­පො­ලක් සෙවී­මට සිදු වෙයි. මේ වන විට අපිට විදෙස් මුදල් ආදා­යම් නැත. විදෙස් ණය ගෙව­න්නට මුදල් ද නැත. වස­ර­කට ගෙවිය යුතු ණය වාරි­කය මුදල ඩොලර් ට්‍රිලි­යන දෙකකි.

මේ මතු වී ඇති අර්බු­ද­වල ගැඹුර තරග කරන ඇතැම් අපේ­ක්ෂ­ක­යන් නොදනී. මනාප ඉල්ලන බොහෝ දෙනකු ද නොදනී. මේ අව­ස්ථාවේ අවශ්‍ය වන්නේ රටේ ප්‍රශ්න­ව­ලට මුහුණ දිය හැකි අය­ව­ලුන් පිරිසක් මුදල් හම්බ කිරීමේ ප්‍රති­ලාභ ලබා ගැනීමේ අර­මු­ණින් දේශ­පා­ල­න­යට පැමි­ණෙන පුද්ග­ල­යන් නොවේ. ජනා­ධි­ප­ති­ව­රයා මේ රටේ ප්‍රශ්න ගැන දැනු­වත් බැවින් එතුමා විශේ­ෂ­ඥ­යන්ගේ දැනුම සහ උප­දෙස් අනුව සාමු­හි­කව කට­යුතු කරයි. එය මීට පෙර නාය­ක­යන් නොකළ මට්ටමේ සාමු­හික වැඩ පිළි­වෙ­ලකි. මහ බැංකුවේ නිල­ධා­රීන්ට පවා අව­වාද කරනු ලැබුවේ ඒ නිසාය. මහ බැංකුව ඇත්තේ පොළී අනු­පා­තය වෙනස් කිරී­මට පම­ණක් නොව පර්යේ­ෂණ කිරී­මට, ආණ්ඩු­වට උප­දෙස් දීමට සහ ආණ්ඩු මෙහෙ­ය­විය හැකි බදු ප්‍රති­පත්ති සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරී­ම­ටය.

මේ ඇරඹි අලුත් ගම­නකි. ජනා­ධි­ප­ති­ව­රයා ජය­ග්‍ර­හ­ණය කරනු ලැබුවේ ප්‍රග­ති­ශීලී බල­වේග එක­තු­වෙනි. හැට නව ලක්ෂ­යක් එතුමා වටා සිටි බව අප දනිමු. ඒ බල­වේග මේ මැති­ව­ර­ණ­යේදී ද සිටින බැවින් ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් කිසිදු ගැට­ලු­වක් නැත. ජය­ග්‍ර­හ­ණය සිකු­රුය. ප්‍රග­ති­ශිලි බල­වේග සියල්ල මේ නව ක්‍රම­වේ­දය වටා තිබු­ණද හොඳ මිනි­සුන් පාර්ලි­මේ­න්තු­වට නොඑන්නේ නම් එයින් වැඩක් නැත.

ජන­තාව තුළ හොඳ මිනි­සුන්ට ඡන්දය දීමට සිය­යට 25ක පමණ නැඹු­රු­වක් ඇත. උගත් බුද්ධි­මත් තරුණ මන්ත්‍රීන් හැම දිස්ත්‍රි­ක්ක­ය­කින්ම වැඩි­පුර පාර්ලි­මේ­න්තු­වට ඒමේ ප්‍රව­ණ­තා­වක් ඇත. ඒ තත්ත්වය වඩා ශක්ති­මත් කළ යුතුය. ඊළ­ඟට අප හමුවේ ඇති අභි­යෝග හමුවේ ප්‍රග­ති­ශිලි බල­වේග එක්රැස් විය යුතුය.

බට­හිර රට­වල පවා මේ වන­විට නොසිතූ ලෙස ආර් ථිකය කඩා වැටෙ­මින් පවතී. ඔවුන්ට වෙනදා පාවිච්චි කරන ලද උපාය මාර්ග, උප­ක්‍රම සහ ක්‍රම­න්ත්‍රණ පාවිච්චි කිරීමේ අප­හ­සු­වක් ඇත. එම නිසා ආසි­යානු ආර් ථිකය ලෝක ආර් ථිකයේ පෙර ගමන් කරු බවට පත් වී ඇත. කෝවිඩ් 19 වසං­ග­තය අඩු­වෙන් බල­පෑම් කරනු ලැබුවේ ආසි­යා­වට වන අතර වැඩි­යෙන් බල­පෑම් කරනු ලැබුවේ ඉන්දි­යා­වට පමණි.

දැන් පුරෝ­ක­ත­නය කර ඇති ආකා­ර­යට ආසි­යානු ආර්ථි­කය වේග­යෙන් ආපසු තිබුණ තත්ත්ව­යට පත්වෙ­මින් පවතී. බට­හිර රට­වල ක්‍රය ශක්තිය අඩු වීම නිසා අපේ අප­න­යන ලබා­ගැ­නී­මට නොහැකි නම් අපිට ආසි­යානු ආර්ථි­කය පැත්තට අපේ විදෙස් වෙළ­ඳ­පොල හැර­වී­මට අනි­වාර්ය පෙළ­ඹ­වී­මක් සිදුවේ.

අපේ අව­ධා­නය ආසි­යාව වෙත යොමු කිරී­මේදී අධි­රා­ජ්‍ය­වාදී බල­වේග බල­පෑම් ඇතිවේ. ඒ අව­ස්ථා­වේදි ප්‍රග­ති­ශීලි බල­වේග එකට එක් රැස් විය යුතුය. ප්‍රග­ති­ශීලි බල­වේග අවශ්‍ය වන්නේ විදෙස් ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරී­මේදී ඇති­වන තර්ජන­ව­ලට මුහුණ දීම­ටයි. එසේ නොව­න්නට අපේ කඳ­වු­රු­වල සිටින අයම අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ පාර්ශ්වය ගත­හොත් අපට අප අපේක්ෂා කරන දේ කිරී­මට නොහැකි වේ.

ඒ නිසා මේ පොදු සතුරා අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි පරාජකර ඇති බව මගේ අද­හ­සයි. පොදු සතුරා හිස ඔස­වනු ලබ­නුයේ බල­යට පැමිණි පසු­වයි. එවිට එය මැඬ­ලී­මට නම් එකතු වී සිටීම පම­ණක් ප්‍රමා­ණ­වත් නැත. නිවැ­රදි පිය­වර ගත යුතුය.

ජන­තාව තමන් වෙත රඳවා තබා ගැනී­මට නම් ජන­තා­වගේ ගැටලු හඳුනා ගෙන ඒ සඳහා ප්‍රග­ති­ශීලි පිය­වර ගත යුතුයි. ප්‍රග­ති­ශි­ලින් කියන අයත් ඒ මේ පැත්තට කර­ණම් ගසන ආකා­රය අපි දුටු­වෙමු. ඒ නිසා ප්‍රග­ති­ශීලි වීම පම­ණක් ප්‍රමා­ණ­වත් නැත.

ජන­තාව ගැටලු ගැන සිතන අය විය යුතුය. දේශ­පා­ල­නික සාමු­හි­ක­ත්වය, ප්‍රග­ති­ශීලි සම­ගිය සේම ප්‍රති­ප­ත්ති­මය සම­ගි­යක් සහ සාමු­හි­ක­ත්ව­යක් ද අත්‍ය­වශ්‍ය වන්නේ ඒ නිසාය. නාය­ක­ත්වය වන්ද­නාව හෝ පුද්ගල වන්ද­නාව නොව කළ යුත්තේ ප්‍රති­පත්ති වන්ද­නා­වයි.

Comments