මාව ක්‍රීඩාවට යොමු කළේ අම්මා | සිළුමිණ

මාව ක්‍රීඩාවට යොමු කළේ අම්මා

 

ටෝකියෝ ඔලිම්පික් උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නවතම ශ්‍රේණිගත ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ මීටර 3000 බාධක දිවීමේ ජාතික ශූරිය වන නිලානි රත්නායක ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ සුදුසුකම් ලබා සිටියි.

‘ඇත්තට ම ගොඩක් සතුටුයි. පහසුකම් පසුපස යනවාට වඩා තියෙන දේවලින් ඉදිරියට යන්න බලනවා. මම තවමත් උත්සාහ කරන්නේ මගේ ටයිමිංවලට යන්නයි. ඒ උත්සහය අත්හැරලා නෑ.‘

පසුගිය පෙබරවාරි මාසයේ සිට ලොව පුරා පැතිරගිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ලබන වසර දක්වා කල්දමන ලදී.

කොවිඩ්19 බලපෑමෙන් අපහසුතාවට පත්වූ රටවල් පිළිබඳ සැලකිලිමත් වෙමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය නියමිත ප්‍රසාදන මට්ටමට ළඟාවීමට අපොහොසත් වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා නවතම ලකුණු ක්‍රමය හඳුන්වා දී තිබේ.

පසුගිය ආසියානු තරගාවලිය, ලෝක හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සහ ජාතික තරගාවලියට ගියා. මේ තරගවලින් තමයි ශ්‍රේණිගත ලකුණු එකතු වෙන්න ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක එම ලකුණු ක්‍රමයට අනුව දෙවැනි පෙළ (ග්‍රීන් කාඩ්) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. ඒ මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙනි. 2018 දී ලංකාවේදී විනාඩි 09.46.76 කට දිව්වා. 2019 දී ලෝක යුද හමුදා තරගාවලියේ 5 වැනියා වුණේ විනාඩි 9.48.30 කදී. ආසියානු තරගාවලියේ විනාඩි 9.58 කට දිව්වා. හැබැයි ඒ තරගයේදී වැටිලා හතරවැනියා වුණා.

නව ලකුණු ක්‍රමයට අනුව කිසියම් රටක පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද වටිනාකමක් ලැබී තිබේ. එහිදී නියමිත ඉසව්වේදී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නා ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලකුණු 100ක් එකතු වෙයි.

ටෝකියෝ ඔලිම්පික් උලෙළ වසරකින් කල් යාමෙන් පසුව ඒ සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් සපිරීමේ තවත් සහන කාලයක් ලබන දෙසැම්බර් 1 වනිදා සිට 2021 ජුනි 29 වැනිදා දක්වා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දෙසැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවේ. ඒ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා නව ලකුණු ක්‍රමය යටතේ මෙරටින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු සොයා ගැනීමේ අභිප්‍රායෙනි. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් තමයි ක්‍රීඩාවට යොමු වුණේ. ඒ පාලිත සර් යටතේ. ඊට පස්සේ සජිත් ජයලාල් සර් යටතේ පුහුණුවීම් කරලා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නේ. යුද හමුදාවෙන් උපරිම සහයෝගය ඔවුන් ලබා දෙනවා.

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලද 32 හැවිරිදි නිලානි රත්නායක කත්මණ්ඩු සාග් ක්‍රීඩා උ‍ලෙළේදී මීටර 1500, මීටර 5000 යන කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය. මීටර 3000 – බාධක දිවීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන ඇය මීටර 5000 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි.

පවුලේ අම්මයි තාත්තයි දෙන්නම තේ දලු නෙළනවා. නංගිලා දෙන්නා පාසල් කාලයේ ක්‍රීඩා කරලා නතර කරලා දැම්මා. අම්මා තමයි මාව ක්‍රීඩාවට යොමු කළේ. මුලින් ම ගියේ බටේවල කණිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ බඹරබොටුව විද්‍යාලයට ආවා. එතැනින් තමයි සුමන බාලිකා විද්‍යාලයට ආවේ. පසුගිය සාග් තරගාවලියේ ‍මීටර් 1500 සහ 5000 ඉසව්වල රන් පදක්කම් දිනා ගත්තා යැයි නිලානි වැඩිදුරටත් පවසයි.

Comments