රැඳවියන් බැලීම අද සිට තහනම් | සිළුමිණ

රැඳවියන් බැලීම අද සිට තහනම්

ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම  නැවත දැනුම් දෙනතුරු  අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ  රැඳවියකුට කොරෝනා අසාදනයවීමෙන් පසු  ඊයේ දිනයේදී  වැලිකඩ බන්ධනාගාරයේ පමණක් රැඳවියන් බැලීම  තහනම් කලේය.

ඒ අනුව අද සිට යළි දැනුම් දෙන තුරු සියලුම බන්ධනාගාර රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇත.

 

Comments