කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී | Page 2 | සිළුමිණ

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(08) පිටව ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 7දෙනෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් තිදෙනෙක්ද සිටිති.

ඒ අනුව, සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1967 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී සුවය ලැබූවන් අතර විදේශිකයන් කිසිවෙකු නොමැති බවද, ඊයේ දිනයේදී විදේශිකයන් 21දෙනෙකු හෝමාගම මූලික රෝහලෙන් සුවය ලබා පිටව ගිය බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

(එම විදේශිකයන්ද ඇතුළුව) රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙක් සුවය ලබා  ඊයේ(07) දිනයේදී පිටව ගියහ.

අද උදෑසන වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් බවට සැක සහිත රෝගීන් ගණන 56කි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් ගණන 20181කි.

 

Comments