හෝටල් හිමිකරුවෙක් ඝාතනය කෙරේ | සිළුමිණ

හෝටල් හිමිකරුවෙක් ඝාතනය කෙරේ

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු එම හෝටලය තුළ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

අද (07) අලුයම 4ට පමණ මේ පිළිබඳ පොලීසියට වාර්තා වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වු අංක 25/2/ඩී, ගුරුගම්මාන පාර, කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙකි.

මොහු නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී හමු වී ඇත.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇත.

සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන පිළියන්දල පොලීසිය පවත්වයි.

 

Comments