වාතයේ කුඩා අංශුවල කොරෝනා ඇතැයි හෙළිදරව්වක් | සිළුමිණ

වාතයේ කුඩා අංශුවල කොරෝනා ඇතැයි හෙළිදරව්වක්

වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇති බවට සාක්ෂි ඇතැයි ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කර සිටී.

එම විද්‍යාඥයන් පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ, ඒ අනුව එම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට දී ඇති නිර්දේශ අලුත් කල යුතු බවයි.

රටවල් 32 ක විද්‍යාඥයන් 239 දෙනෙකු මෙම ඇමෙරිකානු විශේෂඥයින් පිරිස සමග එක්ව මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ද යවා ඇත.

ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ලබන සතියේදී විද්‍යා ජර්නලයක පළ කිරීමටද නියමිතය.

 

Comments