කිලිනොච්චියේ නිවසක පිපිරීමක් | සිළුමිණ

කිලිනොච්චියේ නිවසක පිපිරීමක්

කිලිනොච්චිය ඉයක්කච්චි" නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

එමෙන්ම තුවාල ලැබූ කේන්තාවගේ නිවස පරික්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියට සාමාන වූ කොඩියක් සඟවා තිබියදී සොයාගත් බවටද පොලීසිය පැවසීය.

මෙම කාන්තාව කිසියම් සැමන්ටින් එකක් යොදා පුපුරණද්‍රව්‍ය ප්‍රමාණයක් එක් කොට බෝම්බයක් වැනි යම්ක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලබා ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලී වී ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය යොදා සකසන ලදදේ කුමක්ද ? යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙයි.

තුවාල ලැබූ කාන්තාව 35 හැරිදි වියේ පසුවන අතර මේ වන විට ඇය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ නමුත් නිවසේ තිබී කොටි සංවිධානයේ කොඩියක් තිබී හමුවීම හා අදාල පිපිරීම සම්බන්ධයෙන්ද මූලික පරික්ෂණ පලෙයි පොලීසිය සිදු කළ ද ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

 

Comments