සුබ මංගලම් | සිළුමිණ

සුබ මංගලම්

මනාලයෝ

අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් තොරතුරු තාක්ෂණ වෘත්තියවේදී බීඑස්සී හා එම්බීඒ සමත් අප පුතු කඩවසම් කාරුණික හදවතැති ආගමට ලැදි 1982 උපන් උස 5' 9'' මතින් දුමින් තොර එකම දරුවාය. ඔහු 2019 නොවැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගමක වසර 4 කට වැඩි කලක් සේවය කොට කැනඩාවේ ඔටාවාහි එක් වසරක ව්‍යාපෘතියක සේවය කිරීමට කෙටි කාලීණ අවස්ථාවක් ලබාගත්තේය. මෙම වසරේ නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණේ. වෘත්තීමය ඉපයීම් හැර කොළඹින් තෙමහල් නිවසක්,​ කාරයක් සහ අනෙකුත් වටිනා වත්කම් ඔහුට උරුම වේ. විදේශයක පදිංචියට යාමට අකමැතිය. මාපියන් බොදු ගොවි කුල පියා වෙන්වී විදේශයක වාසය කරයි. අප සොයනුයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ වටිනාකම් සමග හැදී වැඩුණු පවුලක සිහින් රූමත් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් දියණියකි. කුජ 2 ශනි 7 චන්ද්‍ර සිකුරු -1 මුවසිරස නැකත වෘෂභ ලග්නයට ගැළපෙන කේන්ද්‍ර සමග සම්පූර්ණ විස්තර යොමු කරන්න.c​w​p​r​o​p​2​0​@​g​m​a​i​l​.​c​o​m​
G146581

1975 ගොවිගම රෝමානු කතෝලික 5' 11" උස,​ දුසිරිතෙන් තොර ව්‍යාපාරික සොයුරාට (කම්යුනිකේෂන් හා සැලුන් හිමි) කොළඹින් අංග සම්පූර්ණ නිවසක් හා මාසික ආදායම රු. 100,​000 ආසන්න සොහොයුරෝ සොයනුයේ අවු 35 අඩු සාමාන්‍ය පවුලක නැගණියක්. h​e​m​a​n​t​h​a​.​w​e​e​r​a​s​i​n​g​h​a​7​5​@​g​m​a​i​l​.​c​o​m​
G146797

1980 න් පසු උපන් (පමණි) චරිතවත්,​ රූමත්,​ සිහින් සිරුරැති,​ ස්ථිර රැකියාවක් සහිත හා දෙමාපියන් සමග හැදී වැඩුණු අවිවාහක ගුණගරුක මනාලියක් සොයන්නේ උතුරු ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිලාභී මෙරට විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වන (මහාචාර්ය තනතුර අපේක්ෂිත),​ බොදු ගොවි විදුහල්පති දෙමාපියන්ගේ,​ බුදුදහමට අනුව ජීවත්වන දුමින්,​ මතින් හා සියලු දුසිරිතෙන් තොර 1971 උපන් (අවුරුදු 35 පෙනුමැති) යහපත් සෞඛ්‍යයෙන් හා පෙනුමෙන් යුත් අවිවාහක පුතුටය. විශ්වවිද්‍යාලයේ තවත් අවුරුදු 20 කට ආසන්න සේවා කාලයක් ඇත. බුධ,​ ශනි 7. විවාහය ප්‍රමාද වූයේ අධ්‍යාපනය හා සුදුසු ගතිගුණැති සහකාරියක් නොලැබීම නිසාය. අන්‍යෝන්‍ය අවබෝධයට මුල්තැනදී සාමාන්‍ය කේන්දර ගැලපීමක් පමණක් අපේක්ෂා කරමු. n​e​w​m​a​r​r​y​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G146847

 

Comments