MCC ගිවිසුමේ කමිටු සභාපතිගේ විවරණය | සිළුමිණ

MCC ගිවිසුමේ කමිටු සභාපතිගේ විවරණය

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය

ලලිතසිරි ගුණරුවන්

දැනට මෙම ව්‍යාපෘති රාමුව තුළ ඇති නීති රෙගු ලාසි සහ කොන්දේසි යටතේ එය ක්‍රියාත්මක කිරීම ඉතා භයානකය. අන්තගාමී ලෙස සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු නැත. අත්සන් කර ඇත්තේ පූර්ව ‍කොන්දේසිවලට අදාළ ගිවිසුම් දෙකකි. මෙම වැඩසටහන සඳහා MCC ආයතනයේ කිසිවකු මෙරටට පැමිණ; මෙම කොන්දේසි අනුව කටයුතු කර යම් අයකුට හානියක් වුවහොත් මෙරට අධිකරණය හමුවට යා නොහැකිය. එසේම ව්‍යාපාර කිරීමට පැමිණෙන අය යම්කිසි වංචාවක් කළහොත්
එය ද ලංකාවට දරාගැනීමට සිදු වේ.

සහශ්‍රක අභි‍යෝගතා සමායත යෝජනාවලිය සමාලෝචනය කිරිම සදහා පත්කළ සිව් පුද්ගල කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් ‍යොමුවී ඇත. සහශ්‍රක අභියෝගතා සමායතන‍ ‍හෙවත් MCC යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කළ‍‍හොත් ඌන සංවර් ධිත රටවල දිළිදුකම පිටුදැකීම හා ආර්ථික වෘද්ධිය ඉදිරියේ ඇති සංරෝධක COSTAINTS ඉවත් කිරිම උදෙසා ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ 2003 සහශ්‍රක අභියෝගතා සහතික පනතින් ස්ථාපිත වූ ආයතනයකි. එහි අධාර පිරිනැමිම ලැබිම උදෙසා අදාළ ප්‍රතිග්‍රහාක රටවල් පූර්වයෙන් තීරණය කෙරෙන යම් ඒකපුද්ගල ආදායම් සීමාවකට අඩු ආදයම් සහිත වියයුතු අතර MCC හි ප්‍රධාන ලැබීමේ සුදුසුකම් සපුරා තිබිය යුතුයි.

අඩු අදායම් ඇති රටවල්වලට ඇමරිකානු එක්සත් ජනපදයේ නිරණායක යටතේ වෙනම ආකෘතියක් අනුව සංවර්ධන ආධාර ලබාදීම සිදු වේ. සාමාන්‍යයෙන් මෙය ලංකාවට ලැබෙන වෙනත් ණය යෝජනා ක්‍රමයන්ට වඩා වෙනස් ආකාරයට කළමනාකරණය වේ. ඇමරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට සහශ්‍රක අභියෝගතා පනත යටතේ අලුත් ආකෘතියක් නිර්මාණය කර ඇත.

2004 වසරේ පෙබරවාරි 11 දින ඇමරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් MCC ප්‍රදාන ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසු බව දන්වා ඇත. ඒ අනුව එවකට ශ්‍රී ලංකා රජය විසින් සිය යෝජනා MCC වෙත යොමු කර 2004 වසරේ ඒ පිළිබඳ යම් සාකච්ජා පවත්වා ඇති බවට සාක්ෂි ඇතත් 2005 සිට 2015 දක්වා කාලය තුළ සිදුවූ සාකච්ජා කුමක්ද? සිදුවූ ගනු‍දෙනු මොනවාද ආදිය පිළිබඳ ඍජු ‍තොරතුරු ‍සොයා ගැනීමට කමිටුවට ‍නොහැකි විය. ඒ අනුව 2015 දක්වා පැවැති රජය විසින් ඒ පිළිබඳ යම් ඉදිරි පියවරක් ගෙන ඇති බවට කමිටුවට නිරීක්ෂණය නොවිණ. ඒ අනුව සහාශ්‍රක අභියෝගතා සමායතන MCC ප්‍රදානය පිළිබඳ සාකච්ඡා නැවත වරක් ඇරඹී ඇත්තේ 2015 නව ‘යහපාලනය‘ රජය බලයට පැමිණිමෙන් පසුවය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් පළමු කොට MCC පර්යන්ත පහසුකමක් සඳහා සාකච්ඡා කර ඇති අතර MCC පාලක මණ්ඩලය විසින් 2015 දෙසැම්බර් 10 වැනි දින MCC ආයතනය සමඟ සාකච්ඡා අරඹා ඇත. එම සාකච්ඡා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ ප්‍රධානී චරිත රත්වත්තේ විසින් කරනු ලැබ ඇති බවත් ඒ සඳහා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මංගල යාපා, අනුෂ්ක විජේසිංහ සහ අචාර් ය එන්. මොලගොඩ යන අය සහභාගී වී ඇත. 2016 ජූලි 5 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇති අංක පී. එම්. ඕ. 63 /06/03/සි එම් /56/2016 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් ඒ බව පිළිබිඹු වේ. වැඩසටහනට අදාළව ආරම්භ වශයෙන් සංරෝධක13 MCC ආයතනය විසින් හඳුනා ගෙන ඇති අතර ඉඩම්වලට ඇති ප්‍රවේශය නමැති සංරෝධකය බලාත්මක බවද MCC පර් යන්ත වැඩසටහන් අධ්‍යයන අධ්‍යක්ෂ විසින් 2016 ඔක්තෝම්බර් 19 දිනෙන් දිනැති sri lanka working constraints තේමාවෙන් යුතු ලිපිය මඟින් ඇමරිකානු ජනපදයේ වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දන්වා ඇත. කෙසේ වෙතත් එවැනි පර්යන්තයක පහසුකමක් වෙනුවෙන් ගිවිසුම් කෙටුම් පතක් සකස් කිරීමට පෙර 2016 දෙසැම්බර් 13 වැනි දින මෙම ක්‍රියාන්විතය MCC සංයුක්තයකට MCC compact උකස් කර ඇති බව පෙනී යයි. ඒ අනුව 2017 මාර්තු 14 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි MCC කටයුතු සම්බන්ධීකරණය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව ද නිරීක්ෂණය වේ.

එම ව්‍යාපෘතිය අනුව රජ‍‍යේ ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් පනත ‍වෙනස් කළ යුතු වේ. ඉඩම් පනත සංශෝධනය නොකර ගල්ඔය ස්වර්ණ භූමි, ජය භූමි, මහවැලි වැනි ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා‍දිය යුතුය. මෙය දේශපාලනිකව ආකර් ෂණීය කාරණාවක් විය හැකි වුවද එහි ඇති සමාජ, දේශපාලනික කාරණා සහ රටේ අනන්‍යතාවය පිළිබද කරණාවලට බරපතල ‍ලෙස බලපෑම් කළ හැකියි. දැනටමත් බිත්තර වී ටිකටත් පොහොර ටිකටත් ණය‍ වන ‍ගොවියාට සින්නක්කර ඔප්පු ලැබීම තුළ මුදලාලිට එම ඉඩම් අත්පත් කරගැනීම පහසු වේ. රජයේ ඉඩම් මුදලාලිකරණය වීම මේ මඟින් සිදුවේ. එබැවින් කමිටුව නිර්දේශ කර ඇත්තේ එය සුදුසු ක්‍රියාවක් ‍නොවන බවයි. ඒ නීති සං‍ශෝධන පිළිබඳ ඉඩම් කොමසාරිස්වරයා සඳහන් කරන්නේ දැනට ඇති පනත් සං‍ශෝධනය වන තුරු ‍‍එය ක්‍රියාත්මක කළ නොහැකි බවයි. එම සංශෝධනය කෙටුම් පත් ‍‍දෙවරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී ඇත. ඒ සංශෝධනය ධන කෙටුම් පත් ‍ෙශ්‍ර්ෂ්ඨාධිකරණ‍ෙයට ‍දෙවරක් ඉදිරිපත් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වි ඇත. 2003 ඉදිරිපත් කළ පනත සම්මත කරගැනිමට නම් පාර්ලි‍ෙම්න්තු බහුතරයක් සහ ජනමත විමසුමක් අවශ්‍ය බව එහි සදහන් ‍වේ. 2018 ‍හෝ 2017 වර්ෂවල ඉදිරිපත් කරන ලද පනත සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කළ ‍නොහැකි බව දැනුම් දි ඇත.

මෙම වැඩසටහනේ මූලික පියවර ගොඩනැඟීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4 ක ප්‍රදානයක් සඳහා 2018 ජූනි 26 වන දින ද ඉන් පසුව එය ඇමරිකානු ඩොලර් මිලියන දහය දක්වා ඉහළ නැංවීමට 2018 ජූනි 18 වැනි දින ද වශයෙන් මූලික ගිවිසුම් දෙකකට මේ වන විට භාණ්ඩාගාර ලේකම්වරයා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් MCC ආයතනය සමඟ අත්සන් කර ඇත.

කමිටුව සඳහන් කරන ආකාරයට මූලික ගිවිසුම් ‍දෙකක් අදියර දෙකක් යට‍තේ අත්සන් තබා ඇති බවත් ඒ අනුව ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 7.4 සහ 2.6 සඳහන් වන අතර ඊට අදාළ කිසිදු ‍තොරතුරක් කිසිදු තැනක සඳහන් ‍නොවේ. එහෙත් මෙම ඩොලර් මිලියන 7.4 සහ 2.6 ‍මෙම ව්‍යාපෘතියේ පූර් ව වියදම් ‍ලෙස සැලකිය හැකිය. එවැනි එකඟතා ගිවිසුමක් අත්සන් කර නැති බව යමකු සඳහන් කළහොත් එය අසත්‍ය ප්‍රකාශයකි. ‍මේ සඳහා මුදල් ලැබුණා ද යන්න අපට ඇති ගැටලුවකි. මුදල් ‍නොගැනීමට නම් ගිවිසුම් අත්සන් කරන්නේ කුමන ‍හේතුවක් නිසාද යන කරුණු ද මෙහිදී මතුවේ. සරල උදාහරණයකින් එය පැහැදිලි කරනවා නම් කසාද බැඳ කැන්දන් නොයා අවුරුදු ‍දෙකක් බලාගෙන සිටීමක් වැනිය. 2017 ගිවිසුමක් අත්සන් කර ඇති ගිවිසුම් සහ 2018 මූලික පියවරයන් සඳහා වන ගිවිසුම්වලට අත්සන් තබා වසර දෙකක් බලා සිටීම අසාමාන්‍ය වේ. එහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මෙරට නොතිබීමයි.

MCC සඳහා පමණක් ‍නොව ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධ‍යෙන් පාර්ලිමේන්තුවේ බහුතර තු‍නෙන් ‍දෙකක් හෝ ජනමත විචාරණයක් නැතිව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් ‍නොකරන ලෙස අප නිර්දේශ ලබාදී ඇත. ඇමරිකාව පැහැදිලි කරනු ලබන කාරණාව ඉතා බරපතළය. පාර්ලිමේන්තු පනතක් ලෙස මෙය සම්මත කළ යුතුය යන කාරණාව එහි අඩංගු කර ඇති සියලු වගන්ති මෙරට නීති බවට පත්කළ හොත් එය නිවැරදි කාරණාවක් වන්නේ කෙසේද යන ගැටලුව ‍මෙහිදී මතුවේ. එහි අඩංගු ඇමෙරිකානු සහශ්‍රක අභි‍යෝගතා පනත ඇමරිකානු මිලදී ගැනීමේ ක්‍රම අනුගමනය කළ යුතුය. එයින් අදහස් කරන්නේ මේ ගිවිසුමට අදාළ සියලු වත්කම්, දේපළ අයිතිය ඔවුන් සතුය යන අදහසයි.

ඔවුන්ගේ එම ප්‍රදානය ලබාගත් පසු සහ ‍පෙර යම් රටකට ‍වෙනසක් තිබිය යුතුය. කොළඹ විශ්වවිද්‍යාල‍යේ ආචාර්ය දුනුසිංහගේ ආර්ථික විශ්ලේෂණයක සඳහන් වන්නේ මේ ප්‍රදානය ලබාගත් සහ ‍නොගත් රටවල් අතර කිසිදු වෙනසක් නැති බවයි. මැඩගැස්කරය සහ හොන්ඩියුරාස් යන රටවල ඉතා පැහැදිලිව දක්නට ලැබෙන කරුණක් වන්නේ ඔවුන්ගේ ප්‍රදාන අතරමඟ නතර කර ඇති බවයි. එයට ‍හේතු ‍ලෙස සඳහන් කර ඇත්තේ ගිවිසුම් සමග එකඟ නැති ‍හේතු ලබාදී ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රදානය නතර කිරීමට හැකි බවයි. එවිට සිදු වන්නේ ප්‍රදාන ලබාගත් රට තවත් අසීරු තත්ත්වයකට පත්වීමයි. සරල උදාහරණ දක්වනවා නම් නේපාලයේ තවමත් එය ක්‍රියාත්මක කර නැත්තේ එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි වීම නිසාය. වාර්තාවේ ජාත්‍යන්තර අත්දැකීම් යනුවෙන් දක්වා ඇති කොටසේ එම ප්‍රදාන ලබා ගත් රටවලට සිදුවූ දේ සඳහන් කර ඇත. ඉඩම් කොල්ලකෑමට බටහිරට ඇති වුවමනාව එයින් ඉතා පැහැදිලි වන අතර MCC එක තුළ ඉඩම් ව්‍යාපෘතියක් ඇති අතර මෙරට ඉඩම් ඩැහැ ගැනීමට ඔවුන්ට ඇති වුවමනාව එයින් මනාව පැහැදිලි වේ. එමෙන්ම මැන පරිගණකගත කරන ලද ඉඩම්වල බුද්ධිමය දේපළ අයිතිය ද ඔවුන් සතුවීම තවත් විශේෂ කරුණකි.

මෙම වැඩසටහන සඳහා MCC ආයතනයේ කිසිවකු මෙරටට පැමිණ මෙම කොන්දේසි අනුව කටයුතු කර යම් අයකුට හානියක් වුවහොත් මෙරට අධිකරණය හමුවට යා නොහැකිය. එසේම ව්‍යාපාර කිරීමට පැමිණෙන අය යම් කිසි වංචාවක් කළහොත් එය ද ලංකාවට දරාගැනීමට සිදුවේ.

ත්‍රිකුණාමලය සිට ‍‍කොළඹ දක්වා පාර‍ දෙපස අක්කර කිහිපයක් ඉඩම් මැනීම යටතේ සිදුකිරීමට ද උත්සාහ කර ඇත. එම දිස්ත්‍රික්ක කොරිඩෝවක් සඳහා සැලසුම් කළ යුතු බව ජතික ‍‍භෞතික සංවර්ධන දෙපාර්තමේන්තුවෙ සඳහන් වේ. ගැටලුව ඇත්තේ ඒ යෝජනාව පිළිබඳ සඳහන ‍මේ ගිවිසු‍මෙන් ඉවත් කර තිබීමයි. එ‍සේ කොරි‍ඩෝවක් ‍නොමැති බව ඔවුන් සඳහන් කළද අදාළ ව්‍යාපෘති ‍‍යෝජනා සියල්ල මෙහි ඇතද කොරිඩෝව යන නම ඉවත් කර ඇත. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ ත්‍රිකුණාමල වරාය සහ ගුවන් ‍තොටුපල හරහා නිදහසේ ගමන් කිරීමට ඉඩ අවකාශ සලසා ගැනීමය.

එහි පළමු හුවමාරුව නතර වී ඇත්තේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙනි. 2015 නව රජය යටතේ මෙම ගිවිසුමේ හුවමාරුව යළි පටන් ගත්තද නැවත එය නතර වූයේ ‍ 2018 සිදුවු දින පනස් දෙකේ ආණ්ඩු පෙරළිය නිසාය. තෙවනුව නැවතත් බලයට පත් වූ යහපාලන රජයට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ උඩුදුම්බර කාශ්‍යප හිමිගේ උපවාසය නිසාය. ඉහත කී කරුණු නොවන්නට මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩ තිබිණ. අවසාන වශ‍ෙයන් අප සඳහන් කරන්නේ බුද්ධිමය ‍දේපළ සම්බන්ධ‍යෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ වි‍දෙස් සම්පත් කළමනාකරණය වන ආකාරයට මුදල් ලබාගෙන මෙය ‍ ක්‍රියාත්මක කළ හැකි බවයි.

දැනට මෙම ව්‍යාපෘති රාමුව තුළ ඇති නීති රෙගුලාසි සහ කොන්දේසි යටතේ එය ක්‍රියාත්මක කිරීම ඉතා භයානකය. අන්තගාමී ලෙස සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු නැත. අත්සන් කර ඇත්තේ පූර්ව ‍කොන්දේසිවලට අදාළ ගිවිසුම් ය.

 

Comments