හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

 වැඩ දන්න නිසා බේරුණා...

මාධවී ඇන්තනි මේ ළඟඳි දවසක ලොකු ඇබ්බැද්දියකට මුහුණපාන්න ගිහින් අනූනමයෙන් බේරුණා කියලයි ආරංචි. මාධවී මෙහෙම අනූනමයෙන් බේරිලා තියෙන්නේ සර්පයකුගෙන්. යාළුවෙක් එක්ක කතාවක් දාගෙන ඉන්න ගමන් තමයි එක පාරට සර්පයෙක් මතු වෙලා මාධවී ළඟට ඇවිත් තියෙන්නේ. දෂ්ඨ කරන්න ඔන්න මෙන්න තියෙද්දි එහෙට මෙහෙට පැනල උඩකට නැඟලා තමයි මාධවී බේරිලා තියෙන්නේ. මේ සිද්ධියෙන් මාධවී හොඳටම බය වුණත් යාළුවා නම් කියන්නේ වැඩ දන්න නිසාම මාධවි බේරුණා කියලා.

ජනයි ප්‍ රියයි අලුත් ‍ වැඩක...

ජනයි ප්‍රියයි වෙනස් වෙලා කියල ආරංචියක් ලැබුණා. ‍වෙනස ගැන අහන්න අපි රංග ජයකොඩිට කතා කළා. ‍රංග කියන විදියට මෙච්චර කල් හිටි‍යේ ජනයි ප්‍රියයි විතර‍නේ. දැන්  ජනයි ප්‍රියයි කණ්ඩායමේ සමාජිකයන් හයයිලූ.  ඒ වගේම මේ දවස් වල තවත් අලුත් වැඩකුත් සැලසුම් කරනවලූ. ඒ තමයි මෙච්චර කාලයක් මිනිස්සුන්ට සතුට බෙදුව ජනයි ප්‍රියයි දැන් සැනසීම බෙදන්න පටන් අරන්. මේ අලුත් වැඩේ නම 'Making smiles with Janai Priyai'. 'වේදනාව මහමෙර දරාගෙන සිනාසෙන මිනිසුන් වෙනුවෙන්' කියල තමයි එයාල මේ වැඩේ කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඉතින් ජනයි ප්‍රියයි මේ විදියට සතුටට එහා සැනසුමක් අරන් ළඟදිම මිනිස්සු අතරට එනවා කියල තමයි රංග අපිට කිව්වේ.

ශලනි වෙනස් වෙලා...

අතේ ටැටූ ගහගෙන, ඇහැට කරාබුවක් දාගෙන කොණ්ඩ කැරලි පොඩියට ගොතාගෙන මොකද්ද මේ ශලනි ගේ අලුත් වෙනස කියලා මේ දවස්වල හැමෝම බලනවලූ...ඒ මදිවට මම තමයි ට්‍රිෂි කියලා නමත් වෙනස් කරගෙන...“ඒ තමයි මම අලුතෙන්ම රංගනයෙන් එකතු වෙන නිර්මාණයේ මගේ චරිතය නැතුව මම වෙනස් වෙලා නැහැ.. වෙනස් වුණු පෙනුම ගැන ශලනි සිනහමුසු මුහුණින් එහෙම උත්තර දුන්නා. තවම ටෙලිනාට්‍යයට නමක් යෝජනා වෙලා නැතත් ළඟඳිම  'ට්‍රිෂී' විදියට වෙනස්ම රංගනයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නයි ශලනිගේ බලාපොරොත්තුව.

අපිට ‍කො‍රෝනා නැහැ...

දකුණු ඉන්දීය සුරූපි නිළි නයනතාරාටත් ඇගේ පෙම්වතා වන විග්නේශ්ටත් කොවිඩ් 19 වෛරසය වැළඳි ඇතැයි පැතිරුණු කතාවක් සමාජ මාධ්‍ය හරහා ‍නොසැ‍හෙන්න සංසරණය වුණා. ‍මේ පුවත ප්‍රචාරය වීමත් සමඟම වැඩි‍යෙන්ම කලබලයට පත් වු‍ණේ නයනතාරාගේ රසිකයින්. ඉතින් ‍මේ පැති‍රෙන කට කතාව ට නයනතාරා අපූරු පිළිතුරක් දුන්නා. ඒ ඇයත් පෙම්වතාත් PCR පරීක්ෂාවට බඳුන් ‍වෙමින්. ‍ඔවුන් ‍කොව්ඩ් ආසාදිතයින් ‍නොවන බව එම පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමඟ ඇය සිය ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ඒ වාර්තා සියල්ලම යහපත් බව දැනුම් ‍දෙන ගමන්ම අසත්‍ය තොරතුරු පතුරා ඇයව අපහසුතාවට පත් කළ අය ‍මෙන්ම ඇයට හා විග්නේශ්ට යහපත ප්‍රාර්ථනා කළ සියල්ලන්ටත් දෙවියන් ‍ගේ රැකවරණය ලැ‍බේවායි ප්‍රාර්ථනා කළා.

හඳුන ගත්තද මන්දා...

ටයිටැනික් චිත්‍රපට‍යේ ආදරණීය ‍පෙම් යුවළ ජැක් සහ ‍රෝස් ‍ගේ ආදර කතාව තවත් ආදරණීය කළ My heart will go on ගී‍යෙන් ‍ලොව පුරා ‍රසිකයින් වසඟ කළ  ඒ සුමියුරු හඬ හා රුව තවමත් ඔබ ‍මතක‍යේ ඇති බව ‍‍නොඅනුමානයි. හැබැයි මේ ඡායාරූපයේ ඉන්නෙ ඒ සුන්දර ගීතයේ හිමිකාරිය සෙලීන් ඩියෝන් කිව්වොත් සමහරවිට ඔබ විශ්වාස ‍නොකරාවී. ‍ඒත් ‍මේ ඒ ලස්සනට හිටපූ ‍සෙලීන් තමයි...සෙලීන්ට ‍මොකද වෙලා ති‍යෙන්නේ..ඇය කෙට්ටු වෙන්න පාවිච්චි කරපු බෙහෙතක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇගේ මේ පෙනුම ‍මෙ‍හෙම ‍වෙලා ති‍යෙන්නේ. ඇස් ‍ගෙඩි ‍ලොකු කරන් ඈ දිහා බලන් ‘අ‍පෝ...‍ සෙලීන් ‍ගේ හැටි ‘කියන උදවියට ‍සෙලීන් කිය‍න්නේ ඇයට නම් එය ප්‍රශ්නයක් ‍නෙ‍වෙයිලූ. ඇ‍ගේ ‍පෙනුම ප්‍රතික්‍ෂේප කරන අය ගැන ඈට කිසිම විරුද්ධත්වයකුත් නැතිලූ.. 

Comments