සෞඛ්‍යයට වින කරන කෝටි 600ක සුදු අලියෙක් | සිළුමිණ

සෞඛ්‍යයට වින කරන කෝටි 600ක සුදු අලියෙක්

ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් අඩු මුදලට නිපදවා දැනටමත් රෝහල් ගණනාවකම භාවිතයට ගැනෙන වෛද්‍යමය ඡායා පිටපත් ගබඩා කිරීමේ සහ ලබා දීමේ පරිගණකගත පද්ධතියක් රුපියල් කෝටි 600කට ආසන්න විශාල වියදමක් දරා විදේශීය පෞද්ගලික සමාගමක් වෙතින් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ‘යහපාලන‘ රජය සමයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාළ සමාගම සමඟ ගිවිසුම් ගතව දියත් කිරීමට සැලසුම් කර තිබුණද පැවැති විරෝධතා මත වර්තමාන රජය විසින් නවතා දැමුවද යළිත් එම ව්‍යාපෘතිය මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත. අදාළ බලධාරීන් කිහිපදෙනකුගේ වුවමනාව මත කටයුතු යෙදෙමින් පවතින බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම පරිගණකගත පද්ධතියෙන් (PACS- Picture Archiving and Communication System) සිදුවන්නේ අතිනවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ මඟින් ලබා ගන්නා රෝගීන්ගේ සී.ටී,එම්.ආර්.අයි එක්ස් රේ වැනි පරීක්ෂණවලට අදාළ ඇතුළු සියලුම පරිගණකගත ඡායා පිටපත් විද්‍යානුකූලව ගබඩා කිරීමයි. රෝගියා සම්බන්ධයෙන් යළි හැදෑරීමකදී පරිගණකය හරහා පහසුවෙන් ඒවා නිරීක්ෂණය කිරීමේ සහ හුවමාරු කිරීමේ තාක්ෂණ පවතී.

මෙම පද්ධතිය මෙරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිපදවා ඇත්තේ රුපියල් ලක්ෂ 9ක් වැනි මුදලක් වැය කරමිනි.

 

Comments