සිසුහු ලක්ෂ 8ක් සඳුදා පාසල් එති | සිළුමිණ

සිසුහු ලක්ෂ 8ක් සඳුදා පාසල් එති

කොරෝනා වසංගතය නිසා මාර්තු 18 දින වසා දැමුණු පාසල් මාස හතරකට ආසන්න කාලයකට පසු ජූලි 6 වැනිදා ආරම්භ වන අතර එදින ලක්ෂ 8ක් පමණ පාසල් සිසුන් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී ප්‍රථමයෙන්ම පාසල්වලට පැමිණෙන්නේ 5, 11 හා 13 වසර සිසුන් වන අතර එම සිසුන්ගේ සංඛ්‍යාව 7,65,693කි. සමස්ත පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 42ක් වන අතර පියවරෙන් පියවර පාසල්වලට පැමිණෙනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළේ සියලු පාසල් සිසුන් වෙනුවෙන් විෂබීජහරණ කටයුතු හා පිරිසුදුකිරීම් මේ වන විටත් සිදු කර ඇති බවය.

අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පැවැසුවේ පාසල් සම්පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයට පත්වෙන එළඹෙන අගෝස්තු 10 වැනිදා වන තෙක් ගුරුවරු පාසලට පැමිණිය යුත්තේ තමන්ට හිමි කාල පරිච්ඡේදයට ඉගැන්වීමට පමණක් බවත්ය.

Comments