මැතිවරණ ජනහමු දිවයින පුරා -ජනපති ඉරිදා පොලොන්නරුවේ | සිළුමිණ

මැතිවරණ ජනහමු දිවයින පුරා -ජනපති ඉරිදා පොලොන්නරුවේ

2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 5 වැනි ඉරිදා දවස පුරා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු 11කට සහභාගි වේ.

එමෙන්ම 6 වැනි සඳුදා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකටද ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය 7වැනි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන අතර එහිදී ජන හමු 12කට එක් වනු ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගෙන ඇත.

ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 2දා පැවැති මහජන හමුව මෙම තාක්ෂණය හරහා ස්ථාන 200ක සිට සවන් දීමට ජනතාවට පහසුකම් සලසා තිබුණි. මෙවැනි ජනහමු දහයක් සංවිධානය කර ස්ථාන 1500 කදී ජනතාවට සම්බන්ධ විය හැකි පරිදි තාක්ෂණය යොදා ගෙන ඇති බව එජාපය පවසයි.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනහමු රැසක් 5 වැනි ඉරිදා කඩුවෙල ආසනය පුරා සංවිධානය කර ඇති අතර 6 වැනිදා ප්‍රධාන ජනහමු කිහිපයක් පැවත්වීමට සැලසුම් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබු වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සමුළුව මහරගමදී ඊයේ පැවැත්වුණි. එමෙන්ම ජවිපෙ සංවිධානය කරන දිස්ත්‍රික්ක මට්ටමේ සම්මන්ත්‍රණ 25ක් මේ වන විට සැලසුම් කර ඇත.

Comments