මහ මැතිවරණයට කොමිසම සූදානමින් | Page 2 | සිළුමිණ

මහ මැතිවරණයට කොමිසම සූදානමින්

හ මැතිවරණයට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මේ වන විට දිස්ත්‍රික් කිහිපයක පවත්වන ලද පෙරහුරු මැතිවරණ ඉතා සාර්ථක වී ඇතැයිද ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණය පැවැත්වීමට පූර්ව සූදානමින් සිටින බවද කොමිසම පවසයි.

මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඡන්දදායකයන් සම්බන්ධව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය ගැනද තේරීම්භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවද කොමිසම පෙන්වා දෙයි.

Comments