පාතාල ජාවාරම්කරුවන්ගේ ගිණුම් සොයා විමර්ශන | සිළුමිණ

පාතාල ජාවාරම්කරුවන්ගේ ගිණුම් සොයා විමර්ශන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා

ත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වන ජාවාරම්කරුවන් පසුපස සිටින මහා පරිමාණ මත් ජාවාරම්කරුවන් සොයා බලමින් එකී ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට දිගින් දිගටම වැටලීම් කරන බවත් මේ වන විට එවැනි මහා පරිමාණ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

අත්අඩංගුවට පත් එම ජාවාරම්කරුවන් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පරීක්ෂාවේදී මිලියන ගණනින් මුදල් හුවමාරු වී ඇති බවත්, ඒ අනුව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ගිණුමක ලක්ෂ 4900ක්ද, මිනුවන්ගොඩ සැකකරුවකු සතුව ලක්ෂ 1200ක්ද, දෙහිවලදී අත්අඩංගුවට පත් සැකකරු සතුව ලක්ෂ 1400ක පමණ මුදලක්ද ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු ව තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 


 

Comments