අගමැතිගේ දශක 5ක දේශපාලන සැමරුම 6 දා | සිළුමිණ

අගමැතිගේ දශක 5ක දේශපාලන සැමරුම 6 දා

ගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක දේශපාලනය දිවිය සමරමින් යුතුකම ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ‘මහින්ද මෙහෙවර කූටාප්‍රාප්තිය කරා‘ ජන හමුව ජූලි 6 සඳුදා පස්වරු 3.45ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියන්ගේ මූලාසනයෙන් පැවැත්වෙන මෙම ජනහමුවේදී ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සහ එහි ජාතික සංවිධායක අනුප පස්කුවල් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් මෙහිදී දෙසුම් පවත්වති.

 

 

Comments