ජනාධිපතිවරයාට සහය දෙන ආණ්ඩුවක් සමඟ පෙරට යෑම ජනතාවගේ අපේක්ෂාවයි | සිළුමිණ

ජනාධිපතිවරයාට සහය දෙන ආණ්ඩුවක් සමඟ පෙරට යෑම ජනතාවගේ අපේක්ෂාවයි

ගෝලීය වසංගතයක් වන කෝවිඩ් 19 වසංගතයත් සමඟ අද වනවිට මෙරට ද සුවිශාල වෙනස්කම් රාශියක් සිදු ඇති වී ඇති අවස්ථාවකට අපි මුහුණදී සිටිමුු. මෑත ඉතිහාසයේ අපිට මුහුණ දීමට සිදුවුයේ කිසිවකු නොසිතූ සුවිශේෂ අත්දැකීමකටය. විශේෂයෙන් සමස්ත ලෝකයට මුහුණ දීමට සිදුවූ මේ අනපේක්ෂිත අත්දැකීම අද වනවිට ලොව පුරා සියලු ක්ෂේත්‍ර කඩා වැටීමට ලක් කර ඇත. මේ ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීගත නොහැකි ව ලෝකයේ බලවත් රටවල් විශාල ලෙස කඩා වැටෙද්දී මේ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට නායකත්වය දුන් වත්මන් ජනාධිපතිවරයාට සමස්ත ශ්‍රි ලාංකිකයන් මෙන්ම විදේශ රටවලින්ද ප්‍රශංසා ලැබිණි. ලෝකයේ මේ වසංගතයට සාර්ථකව මුහුණ දුන් නායකයන් අතරින් මෙරට ජනාධිපතිවරයා විශේෂ ඇගැයීමට ලක් විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතයට මැඬ පැවැත්වීමෙන් අනතුරුව මේ රටේ සුවිශේෂි වෙනත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත. විශේෂයෙන් සමාජ ආර්ථික ගැටලු රාශියකට සමස්ත ලෝකයම මුහුණ පාමින් සිටින අතර ලෝකයේ බලවත් රාජ්‍ය කොවිඩ් නිසා බිඳ වැටෙමින් පවතී.

 

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් ආකාරටයම මේ රට ඉදිරියට ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම මේ වන විට විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. කොරෝනාවට පෙර මෙරට දේශපාලනික අස්ථාවරත්වය හරහා සමස්ත ආර්ථිකයම කඩා වැටෙමින් පැවැතිණි. එය ගොඩනැඟීමේ සුවිශේෂ ප්‍රයත්නයක ජනාධිපතිවරයා නියැළෙමින් සිටි කාලවකවානුවක මේ අනපේක්ෂිත සිදුවීමට මුහුණ පෑමට සිදුවු බව අපි දනිමු.

විශේෂයෙන් රට ගත යුතු මඟ සම්බන්ධයෙන් මාතෘකාව කතා කිරීමේදි අපිට ඒ සම්බන්ධයෙන් ඉතිහාසය නැවත කියැවීමක් කළ යුතු සුදුසුම කාලය එළැඹ ඇත. නිදහසින් පසු පසුගිය දශක ගණනාවක් පුරා මේ රට කරපු නායකත්වයන් කෙසේද මේ රටේ සංවර්ධනය පිළිබඳ කටයුතු සිදු කළේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. මේ කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් ගත් විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුරේ පාලන සමය පැමිණි සියලුම අවස්ථාවලදී අපි දුටුවා ජාතික සම්පත් විකුණා දමන්නේ කෙසේද; එසේ නැතිනම් වෙනත් පාර්ශ්වයන්ට පවරා දමන්නේ කෙසේද කියන කාරණාව ඒ අයගේ පළමු අභිලාෂය වූ බව. මේ රටේ ප්‍රගතිශීලි රජය බලයට පත් වූ සෑම අවස්ථාවකදීම රටේ සංවර්ධනයට සම්පත් රැසක් ඉතුරු කර ඇත. විශේෂයෙන් බණ්ඩාරනායක යුගයේදි සිද්ධ වුණේ මේ රටේ සංවර්ධනයට දායක විය හැකි රාජ්‍ය ව්‍යවසාය සහිත ආයතන ගණනාවක් එකතු කිරිමයි. සන්නිවේදනය පාර්ශ්වයෙන් ගත්විට රූපවාහිනී සංස්ථාව ද; වෙනත් ආයතන ගත්විට රජ්‍ය බැංකු වැනි තුල්හිරිය පෙහෙකම්හල වැනි පොදු රාජ්‍ය ව්‍යවසාය සහිත ආයතන රැසක් ආරම්භ කෙරිණි. එක්සත් ජාතික පක්ෂය මේ රටේ රාජ්‍ය බලය අත් පත් කරගත් සෑම අවස්ථාවකදි ම සම්පත් සංවර්ධනයට මැදිහත් නොවූ නමුත්, සියලු රාජ්‍ය දේපල විකුණා දැමීම සිදු කර ඇති බව ඉතා පැහැදිලියි.

ඇත්ත වශයෙන් රටක් කරන්න පුළුවන් නායකත්ව විනාශ කරමින් පක්ෂයද විනාශ කිරීම එජාප නායකත්වය සැම විටම සිදුකළ අනෙක් විනාශය බව පෙනෙයි. පක්ෂ දෙකට කැඩීම වර්තමාන එජාප අද ද සිදු කරනු ලබයි.මෙය රටක් ලෙස විශාල හානියක් වන්නේ එය රටේ ප්‍රජාතන්ත්‍රවාදට ලොකු හානියක් වන නිසයි. එයට හේතුව ප්‍රබල විපක්ෂයක් තිබීම ප්‍රජාතන්ත්‍රික පාලනයක් තුළ තිබිය යුතු අංගයක් බැවිනි. එය අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට හානියකි. රට පාලනය පාලනය කිරීමට යූඑන්පිය නිතර යොදා ගත්තේ භීෂණය බව ඉතිහාසය පුරා සාක්ෂි ඇත. මෙය රටක් හැටියට දැවැන්ත පසුබෑමකි. අපි පසු කළ ඉතා අවාසනාවන්ත කාලයක් ලෙස පසුගිය යහපාලන සමයද හඳුන්වා දිය හැකිය. යහපාලනය කළේ පටු අරමුණු ඔස්සේ රට කරවීමයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ධන සම්පතකි. එය විකුණා දැමීමට යහපාලන රජය උත්සාහ කළ බව අපි දනිමු. 1977 ඇති වු ආණ්ඩුව විසින් සම්පත් විකුණා දැමීම ආරම්භ කළ අතර ඒ අය වරින්වර බලයට පත්වන සෑම අවස්ථාවකදීම මේ ක්‍රියා පිළිවෙත අනුගමනය කර ඇත. ඒ අයගේ එකම ව්‍යපෘතිය එයයි.

අපි අතීතයට ගොස් බලන කල මෑත ඉතිහාසයේ අපි පසු කළ හොඳම කාලය මහින්ද ජනාධිපතිවරයාගේ පාලන යුගයයි. අපි අතීතයට ගොස් බැලූ විට අපි පසු කළ යුග අතර ස්වර්ණමය යුගයක් ලෙස මහින්ද රාජපක්ෂ යුගය හැඳින්විය හැකියි. 2005 වනවිට මේ රට තිබුණේ ඉතාමත් ‍ශෝචනීය තත්ත්වයකි. මේ රටේ ත්‍රස්තවාදය සහ සුනාමි ව්‍යසනය වැනි කාරණාවලින් මේ රට විශාල ගැටලු රැසකට මුහුණ පාමින් සිටි බව අපිට මතකයි. විශාල මිනිසුන් ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වූ සහ දේපලවලට විශාල හානි සිදු වූ යුගයකයි එතුමා මේ රට බාරගනු ලැබුවේ. සුනාමියෙන් බැට කෑ අපේ වැඩ කරපු පන්තිය කල්පනා කළ කරුණ මේ රට යළි සංවර්ධනය කරන්නේ කෙසේද කියන කාරණාව. මේ ව්‍යසනයත් සමඟ මාර්ග නැවත ඉදිකිරීම මෙන්ම නව කර්මාන්ත ශාලා ඉදිකිරීම සිදුවී තිබුණේ එදා පැවැති යුදමය වතාවරණයත් සමඟයි. මේ රටේ සංවර්ධනය එදා ආරම්භ කළේ ඒ සියලු කාරණා සමඟයි.

අදවන විට කොරොනා වසංගතයත් සමඟ අපිට අලුතින් හිතන්නට සහ අලුතින් නැගිටින්න සිදුවී ඇත. එතුමා බලයට පත්වීමෙන් අනතුරුව ඉතා කෙටිකාලයක් ඇතුළත සිදුවූ අනපේක්ෂිත සිදුවීම හරහා මුළු ලෝකෙටම බලපෑ මේ වසංගතයට මුහුණ දීම නිසා අපි කොහොමද නැවත හිතන්නේ කියන කාරණාව ගැන සිතීමට සිදු විය. කොරෝනා මර්දනය කිරීම සම්බන්ධයෙන් බරපතළ විශ්වාසය තිබුණේ රාජ්‍ය සේවය පිළිබඳවයි. ඒවගේම ආරක්ෂක අංශද මේ සඳහා මැදිහත් විය. සියලුම ගම්මට්ටමේ සිට රාජ්‍ය සේවකයා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිලධාරින් සහ ආරක්ෂක අංශවල නිලධාරින් මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඒ සියලු අවශ්‍යතා ජනතාවගේ අවශ්‍යතා අනුව සැපැයීම ජනාධිපති කාර්යය සාධක බළකාය හරහා සිදු විය.

කෝවිඩ් මර්දනයට විපක්ෂය ලබා දුන් සහයත් අපි දුටුවෙමු. ඒ අයට ඒ අවස්ථාවේ පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාව පමණයි අවශ්‍ය වුයේ.

මේ රටේ සමාන්‍ය ජනතාව ප්‍රකාශ කරනුයේ ජනාධිපති ගෝඨාභය මහතා පත් වීමට පෙර මේ කෝවිඩ් වසංගතය පැමිණියේ නම් මේ රට අති දැවැන්ත ව්‍යසනයකට පත්වෙන බව නියත බවයි. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කාර්යය සාධක බලකා හරහා සැලසුම් සකස් කරමින් ඒ සඳහා නායකත්වය ලබාදෙමින් කටයුතු කිරිම ඉතාමත් විශිෂ්ටයි. මේ අවස්ථාවේ ජනතාවත් පාරේ බැහැලා වර්ජන නොකිරීමත් ඉතා වැදගත්. මේ තත්ත්වය තේරුම් ගැනීම නිසා සමස්ත ජාතියේම ජීවිත රැකුණි. කොරෝනා කාලවකවානුවේ රාජ්‍ය සේවයේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල වැඩ කරන සංස්කෘතියක් ගොඩනැඟිණි. නැවත මේ රට ඉදිරියට ගෙන යෑමේ සුවිශේෂ සමාරම්භය කොරෝනා කාලයේ ඇතිවූවා යැයි මගේ විශ්වාසයයි. මේ ව්‍යසනයත් සමඟ අපි උගත් පාඩම් ඉදිරියේදිත් අතිශයින්ම ප්‍රයෝජනවත් වේ යැයි මා විශ්වාස කරන අතර; එකිනෙකාට ඇගිලි දිගු කරන සංස්කෘතියක් නොව වැඩ කරන සංස්කෘතියක් ඇති විය යුතුයි. වෘත්තිය සමිති වැඩපිළිවලක් සම්න්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කම්කරුවන්ගේ අයිතියක් වන කම්කරු දිනය සැමරීමට ගිය අවසථාවලදි; වෙඩි තැබීම් සිදුකරන සංස්කෘතියක් ඒ අය නිර්මාණය කළේය. අසූ එකේ ජුනි වැඩ වර්ජනය සිදු වුයේ දිනක වැටුප රුපියල් දහයකින් වැඩි කිරිමට කළ ඉල්ලීම නිසාවෙනි. සේවකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ රැකියා අහිමි කර පාරට ඇද දැමිණි.

අපි ප්‍රේමදාස යුගය ගැන කතා කළහොත් ඒ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය තුළ පැවැතියේ භිෂණයක් රට තුළ නිර්මාණය කරමින් ඒ භිෂණය හරහා රට පාලනය කිරීමයි. තරුණයන්ට රැකියා ලබා දීමට ක්‍රමයක් නැතිනම් කළේ මර්දනය කිරීමයි. තරුණ අසහනය මත ඇති වූ කැරැල්ලක් හරහා ඒ කැරැල්ල වෙනුවෙන් තවත් පිරිස් නිර්මාණය කරමින් ප්‍රා, කළු බළල්ලු නමින් පිරිස් නිර්මාණය කරමින් රට මර්දනය කිරිමට පෙළ ගැසුණේය. අධ්‍යාපනයට සුදුසු රැකියාවල් ලබාදීමට මහින්ද රාජපක්ෂ යුගයේ සහ වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය ආරම්භත් සමඟ ආරම්භ විය.

සුදුසුකම් වලට රැකියා ලබාදීමට එක්සත් ජාතික පක්ෂ පාලන සමයන්හි සිදු නොවුණි. ඉදිරියේදි පැවැත්වීමට නියමිත මැතිවරණයේදි මේ ජනාධිපතිවරයාට සහය ලබාදිය හැකි ආණ්ඩුවක් පත් කරගැනීමට හැකියාවක් ලැබෙතැයි ජනතාවගේ විශ්වාසයි. එකිනෙකාට ඇගිලි දිගු නොකරන විධිමත් සංවර්ධනයක් ඇති කරගැනීමට අපිට ඉදිරියේදි හැකියාව ඇත. අපේ ජාතික සම්පත් සුරැකීමේ දේශපාලනික ක්‍රියාවලියක් අද වනවිට දකින්නට ලැබෙන අතර; මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයෙන් පසු එවැනි යුගයක් නැවත එළඹ ඇත.

විශේෂයෙන්ම ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය වුණේ ද මේ ජාතික සම්පත් සුරැකීම; රජයේ දේපළ සුරැකීම, සේවක අයිතීන් සුරැකීම, සේවක අයිතීන් ආරක්ෂා කිරීම ආදියයි. සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කළේය. ඒ නිසයි ජනතාව එතුමන්ව ආදරයෙන් වැළඳ ගනු ලබන හේතුකාරණාව. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සේවක සම්පත් සුරැකීම වෙනුවෙන් ක්‍රියා කරනු ලබන්නේ එතුමන් වීදි සටන්කරුවකු ලෙස ලද ඒ පන්නරය නිසයි. සේවක අයිතීන් සුරකින සහ වැඩ කරන නායකත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතී.

මේ රටේ පැවැති එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී, වැටුප් කප්පාදුව දිගටම සිදුකරමින් ජනතාව පිඩාවට පත් කළේය.

අපි මේ ප්‍රගතිශීලි පොදුජන රජය බිහි කළ යුත්තේ ඒ නිසයි. ඒ හරහා මේ රට සංවර්ධනය වීම ඉතා ඉක්මණින් සිදුවෙතැයි අපේ අපේක්ෂාවයි. ගමේ මිනිසුන්ගේ මනස ගෝඨාභය මහතාට සහය දෙන ආණ්ඩුවක් සමඟ පෙරට යෑම වෙනුවෙන් සුදානමින් ඇත. ඒ සඳහා වෙනම මැතිවරණ ව්‍යාපාර තිබිය යුතු නැත.

Comments