මහේල විශේෂ විමර්ශන ඒකකයට එයි - Update | Page 2 | සිළුමිණ

මහේල විශේෂ විමර්ශන ඒකකයට එයි - Update

මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

මහේල පවසන්නේ, අද දිනයේ නොපැමිණෙන ලෙස තමා දැනුවත් කර නොතිබූ නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.

පොලිසිය මහේලට අද එන්න එපායි කියයි - Update

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ.

කෙසේවෙතත්, ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය.

2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

Comments