ජින්තුපිටියේ 154ක් නිරෝධායනයට | Page 2 | සිළුමිණ

ජින්තුපිටියේ 154ක් නිරෝධායනයට

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි අයකු ඊයේ කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැනිණ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ ආසාදිත පුද්ලගයා මේවන විට රෝහල් ගතකර ඇති බවයි.

එම පුද්ගලයා ජිවත්වූ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ කොවිඩ් 19 රෝගය සමාජයේ ව්‍යාප්තවීමේ අවදානමක් මේවන විට නොමැති බවයි.

මේ අතර ඊයේ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් 228 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1827 කි.

Comments