අමෙරිකාව තුල කොරෝනා අධි අවධානමේ | සිළුමිණ

අමෙරිකාව තුල කොරෝනා අධි අවධානමේ

අමෙරිකාව තුල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් වෙනස් නොකරන්නේ නම් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යාමේ අවධානමක් ඇති බව එරට බෝවන රෝග පිලිබඳ විශේෂඥ Anthony Fauci ප්‍රකාශ කර සිටියි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකානු සෙනට් සභාව හමුවේ කරුණු දක්වමින් මෙම වෛද්‍ය විශේෂඥවරයා කියා සිටියේ මේවන විට රට ගමන් කරන්නේ වැරදි දිසාවකට බවයි.

ගෘහස්ථ ප්‍රිය සම්භාෂණ, අවන්හල් වල පවත්වනු ලබන රැස්වීම් සහ එළිමහන් ස්ථාන වලදී තරුණ කණ්ඩායම් එකිනෙකා උරෙන් උර ගැටෙමින් ඒකරාශි වීම් ආදිය නිසා වෛරසයේ ව්‍යාප්තිය සිඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇති බව මෙහිදී බෝවන රෝග පිලිබඳ විශේෂඥ Anthony Fauci සෙනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර සිටියි. 

මේ වන විට ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 40,000 ක පමණ අගයක් ගනු ලබයි.

අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 2.7 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 130,123ක්.

 

Comments