Mask නොපැළඳි 1,441 ක් ස්වයං නිරෝධායනයට | සිළුමිණ

Mask නොපැළඳි 1,441 ක් ස්වයං නිරෝධායනයට

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ, නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සොයා ඊයේ පස්වරු 06 න් අවසන් වූ පැය 12 ක කාලය තුලදී සිදුකළ මෙහෙයුම්වලදියි.

පොලීසිය ඊයේ පැවසුවේ, බස්නාහිර පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරන පැළඳ නොසිටි පුද්ගලයින් 1280 දෙනෙකුට තදින් අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බවයි.

ඉදිරි සතියේදී ද මෙම වැටලීම් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවත්, ප‍්‍රසිද්ධ ස්ථානවලදී ජනතාව මුඛ ආවරණ නොපළඳින්නේ නම් නිරෝධායන නීතියට අනුව කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කලේය..

Comments