පාසල් හෙට සිට අදියර කිහිපයකින් විවෘත කෙරේ | Page 3 | සිළුමිණ

පාසල් හෙට සිට අදියර කිහිපයකින් විවෘත කෙරේ

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (28) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද සඳහන් කළේය.

ඉන් පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ.

එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසුවේ, සෞඛ්‍ය අංශ ලබා දුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනුව පාසල් විවෘත කිරීම සිදුකරන බවයි.

පාසල් වෙත ළමුන් ගෙන්වීම ලබන මස 06 වනදා සිට ආරම්භ කිරිමට නියමිතයි.

 

Comments