නඩා සමුගනී | සිළුමිණ

නඩා සමුගනී

ඔහුගේ කටහඩ පැහැදිලිය. නිරවුල්ය. දෙමළ භාෂාව නොදන්නා අයෙකු වුවද ඔහුගේ කතාවට සවන් දී සිටින්නේ, එදෙස බලාසිටින්නේ ආසාවෙනි. නිවේදකයකු ලෙසින් පමණක් නොව නළුවකු ලෙසින් සිංහල ටෙලිනාට්‍ය චිත්‍රපට වල රඟපෑමෙන් ඔහු ප්‍රේක්ෂක ආදරයට පත්ව සිටියේය. ඔහු නම් වෙන කිසිවෙක් නොව ප්‍රවීණ නිවේදක, රංගන ශිල්පි සින්නයියා නඩරාජා සිවම්ය. ‘නඩා‘යන ආදරණිය නාමයෙන් කවුරුත් හැඳින් වූ නඩරාජා ෂිවම් පසුගිය 24 කොළඹ පෞද්ගලික රෝහලකදී සිය දිවිය නිමා කළේය. මිය යන විටඔහුගේ වයස අවුරුදු 74 කි.

නඩරාජා නිවේදකයකු ලෙස තම කාර්යය අරඹන්නේ ගුවන් විදුලි සංස්ථාවෙනි. ඉන් පසු ඔහු රූපවාහිනි මාධ්‍යයට ද සම්බන්ධවන්නේ. ඔහු වඩාත් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වන්නේ රුපවාහිනියෙන් විකාශය වූ ආයුබෝවන් වැඩසටහන මෙහෙයවීමත් සමඟය.

යශෝරාවය ටෙලි නාට්‍යය ඇතුළු තවත් නාට්‍ය රැසක රඟපෑ නඩා සෙල්වම්, ආකාර්ෂා ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපා ඇත. ඔහු රඟපෑම ආරම්භ කළේ ළාහිරු දහසක් ටෙලි නාට්‍යෙය් රඟපාමිනි. ආසියානු මාධ්‍ය ජාලයේ සුරියන් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරද්දි එහි උපදේශකයෙක ලෙසින් ද කටයුතු කළේය.

චාවකව්චේරියේ උපන් නඩරාජා ෂිවම් බාල වියේ සිටම හැඳිවැඩුණේ කොළඹ ප්‍රෙද්ශයේය. ඔහු එක්දරු පියෙකි.

ප්‍රේක්ෂක හද දිනාගත් සොඳුරු නිවේදකයා, රංගන ශිල්පියාගේ අවසන් කටයුතු ඉකුත් ව25 වැනිදා බොරැල්ල කනත්තේදී සිදුකැරිණි

Comments