කොරෝනා කාලේ පවුල් ආරවුල් ඉහළ ගිහින් | සිළුමිණ

කොරෝනා කාලේ පවුල් ආරවුල් ඉහළ ගිහින්

වෙනදා ගෙදර නොරැ‍ඳෙන අනිවාර්යයෙන්ම ගෙදර රැඳී සිටීමට සිදුවීමේ විපාක

1938 වෙත ලැබෙන හිංසන පැමිණිලි කෝවිඩ් දෙමාසේ දෙගුණ වෙලා

නිතිපතා වැඩට ගිය, සමාජය හා ගැටුණු මිනිසුන් ගෙදරට කොටුවීමෙන් මානසිකත්වය බිඳවැටිලා

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි 7 වැනිදා ප්‍රකාශයට පත් කළ “යාවත්කාලීන ගෝලීය මානුෂීය ප්‍රතිකාර සැලැස්ම” මඟින් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් දී තිබේ. කෝවිඩ්-19 වයිරසය පරාජය කිරීමේදී කාන්තාවට ඇති බලය හඳුනා ගැනීමද මීට අයත්ය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ සහකාර නිත්‍ය නියෝජිත මදු දිසානායක පෙන්වා දෙන්නේ ලෝකය කෝවිඩ් - 19 ට එරෙහිව සටන් කරන අතරම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පැරදවීම සඳහා ද අරගලයක යෙදීමට සිදුව ඇති බවයි. වයිරස ව්‍යාප්තිය පරාජය කිරීමේදී අවදානම් කාණ්ඩ හඳුනාගැනීම සිදුව ඇත. කාන්තාවන් හා ගැහැනු දරුවන් අයත් වන්නේ මේ කාණ්ඩයටය.

මෙවැනි සමයක පියවරුන්ට ඇතිවන නොරිස්සුම් තත්ත්ව ගැන අවබෝධයකින් ක්‍රියා කළ යුතුය. බොහෝ ගැටලු සාකච්ඡා කර විසඳුම් දිය හැකි මට්ටමක තිබේ. කුඩා කල පටන්ම ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම දරුවන් තුළ ආගමික නැඹුරුවක් ඇති කිරීමද ඵලදායක බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල අවධාරණය කරයි.

වෛද්‍ය එල්ලාවල අප සමඟ පැවසුවේ මානුෂීය සංවේදී කාරණා ද හදිසි අවශ්‍යතා ලෙස ප්‍රමුඛත්වය ලබා දෙමින් ඊට අවශ්‍ය සහන සලසා ගැනීමට ඇඳිරි නීති තත්ත්ව යටතේ වුවද මෙවැනි සාධක මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලද විවෘත බවය.

ළමා හා මාතෘ සෞඛ්‍යය පිළිබඳ මූලික වගකීම් දරන රාජ්‍ය ආයතනය සොඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි (FHB). එහි කාන්තා සෞඛ්‍යය පිළිබඳ ඒකකය භාරව සිටින වෛද්‍ය නේත්‍රාංජලී මාපිටිගම සඳහන් කරන්නේ රෝහල්වල පිහිටුවා ඇති ‘මිතුරු පියස’ මධ්‍යස්ථාන මුල් කරගනිමින් හා සංනිවේදන මාධ්‍ය ද යොදාගනිමින් සේවා සැපයීම හා දැනුම්වත් කිරීම් සිදු වන බවයි.

කෝවිඩ් - 19 හේතුවෙන් අපේක්ෂා නොකළ පරිදි සියල්ලටම වාගේ පවුලේ සාමාජිකයන් ද සමඟ විවේකීව නිවෙසේ ගත කිරීමට අවස්ථාව ලැබිණි. කාර්යබහුල ජීවිත ගත කළ අය මේ නව නිදහස ධනාත්මකව බාර ගත්හ. එසේ වුවද ඒ වන විටත් යම් යම් හිංසන පැවති පවුල්වල තත්ත්වය කනගාටුදායක විය. හිංසකයා නැතිනම් පීඩකයා සමඟ ජීවත් වීමට සිදු වීම එවැනි කාන්තාවන් මුහුණ පෑ අවාසනාවන්ත තත්ත්වයයි.

වෛද්‍ය මාපිටිගම පෙන්වා දෙන්නේ, ‘මිතුරු පියස’ මඟින් විශේෂයෙන් පුහුණුව ලැබූ වෛද්‍ය - හෙද කාර්ය මණ්ඩල හරහා පීඩනයට හා හිංසනයට ලක් වූ අය වෙනුවෙන් අවශ්‍ය උපදේශන සැපයුණු බවයි. උපදේශනයට අමතරව අවශ්‍ය නම් ප්‍රතිකාර හෝ නීති අංශ කරාද යොමු කෙරේ. මේ සේවාව දැනට දිවයිනේ රෝහල් 72ක ක්‍රියාත්මකය.

කාන්තා කටයුතු අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී අදාළ ආයතන සමඟ සම්බන්ධිකරණයෙන් කටයුතු සිදු වේ. 1938, 1929 දුරකතනවලට ලැබෙන පැමිණිලි අවශ්‍ය අවස්ථාවල වෙනත් අදාළ අංශ ‍කරා යොමු කිරීමට පහසුවන පරිදි දුරකතන නාමාවලියක් සකසා ඔවුන් වෙත සැපයීමට ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය කටයුතු කර ඇත.

කෝවිඩ් -19 හේතුවෙන් ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වූ බැවින් නිවෙසටම වී ගත කළ කාලයේදී කාන්තාවන්ගෙන් ලද පැමිණිලි පිළිබඳ ද අවධානය යොමු කරමින් අප සමඟ අදහස් දැක්වුවේ, කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂිකා මානෙල් ජයවර්ධනය. කාන්තා හිංසන පිළිබඳ පැමිණිලි 1938 ගාස්තු රහිත දුරකතනයට යොමු කිරීමට කාන්තාවන්ට හැකිය.

එම උපකාරක සේවාව මාර්තු 23 වැනිදාට පෙර පෙ.ව. 08.30 - ප.ව. 05.00 දක්වා කාර්යාල වේලාවේ ක්‍රියාත්මක වුවද කෝවිඩ් -19 වසංගතයක් සමඟ පැය 24 පුරාම එය ක්‍රියාත්මක කර තිබේ. උපදේශනය පිළිබඳ පුහුණුව ලැබූ නිලධාරීන් 10 කුගේ සේවය ඒ සඳහා ලබා දී ඇත.

ලැබී ඇති දුරකතන ඇමතුම් පිළිබඳ දත්ත තවමත් විස්තරාත්මකව විශ්ලේෂණය කර නැතත්, මූලික දත්ත ඇමතුම් අනුව මේ පිළිබඳ චිත්‍රයක් ඇඳ ගැනීමට හැකිය. මාර්තු මාසයට පෙර එනම් කෝවිඩ් -19 වසංගතය අපේ රටට ඒමට පෙර 1938‍ට ලැබුණේ මසකට පැමිණිලි 200ට අඩු සංඛ්‍යාවකි. ජනවාරි මාසයේ 185කි. පෙබරවාරි මාසයේ 160කි. එසේ වුවද එය මාර්තු මාසයේදී 199 දක්වාද අප්‍රේල් මාසයේදී 450 දක්වාද ඉහළ ගියේය.

මැයි මාසයේ 15 වැනිදා දක්වා පැමිණිලි 195ක් පමණ ලැබී තිබිණි. මින් පෙනෙන්නේ ජනවාරි, පෙබරවාරිවලට වඩා මාර්තු, අප්‍රේල් මාසවල පැමිණිලි දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. ඉන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර ආදී දිස්ත්‍රික්කවලිනි. නාගරික ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි වැඩිවිය.

ඇය පෙන්වා දෙන පරිදි, අප්‍රේල් මාසයේ ලැබුණු පැමිණිලි වර්ගීකරණය කළ විට වැඩි වශයෙන්ම ඇත්තේ පවුල් ආරවුල්ය. එනම්, වැට ආදියට සිදු වූ ගැටුම්ය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ පැමිණිලි 111ක් පමණ වේ.

ජනවාරි අප්‍රේල් කාල සීම‍ාවේදී ලද පැමිණිලි වර්ගීකරණය කළ විට පෙනෙන්නේ ඉන් 448ක්ම පවුල් ආරවුල් බවයි. 277 ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙනි. ලිංගික හිංසනය පිළිබඳ පැමිණිලි 15ක් හා දූෂණයට ලක් වීම පිළිබඳ පැමිණිලි 02ක් ද තිබේ. විවිධ පැමිණිලි 292 කි.

මේවා විශ්ලේෂණය කළ යුතුය. එලෙස ලද පැමිණිලි 1200ට ආසන්න සංඛ්‍යාවෙන් 300කට පමණ එසැණින් විසඳුම් දී ඇත. තවත් 400ක් පමණ නීති මාර්ගයට යොමු කෙරිණි. 130ක් පමණ තවදුරටත් උපදේශන සේවා සඳහා යොමු කර ඇති අතර පිරිසක් මිතුරු පියසට ද යොමු කර තිබේ. ආරක්ෂිත නිවාසවලට 54 දෙනකු යවා ඇත.

එකම තැන රැඳීමට සිදු වීම වැනි හේතු වන මානසික පීඩනය ඉහළ යෑම හිංසනය ඉහළ යෑමට ද බලපා ඇති බව පෙනී යයි.

පැමිණිලි සංඛ්‍යාව ඉහළ නැගීමට එය මෙන්ම පැය 24 පුරාම පැමිණිලි බාරගැනීමද හේතු වන්නට ඇත. කෙසේ වුවද මේවාට හේතු විමසා බැලීම මෙන්ම තවදුරටත් අවශ්‍ය පිළියම් යෙදීම ඉදි‍රියේදී සිදු වනු ඇත. ‍කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා සේපාලි කෝට්ටේගොඩ පෙන්වා දෙන්නේ පවුල් ඒකකය ගැනද අලුතින් සිතන්නට මෙය හොඳ අවස්ථාවක් බවය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ සහකාර නිත්‍ය නියෝජිත මධූ දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ ලෝකය කෝවිඩ් - 19 ට එරෙහිව සටන් කරන අතරම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පැරදවීම සඳහා ද අරගලයක යෙදීමට සිදුව ඇති බවයි.

වයිරස ව්‍යාප්තිය පරාජය කිරීමේදී අවදානම් කාණ්ඩ හඳුනාගැනීම සිදුව ඇත. කාන්තාවන් හා ගැහැනු දරුවන් අයත් වන්නේ මේ කාණ්ඩයටය. දිසානායක මහත්මිය අවධාරණය කරන්නේ එලෙස හඳුනා ගැනුණද කාන්තාවට බලයක් නැතැයි යන්න හෝ මෙහිදී ඔවුන් උදාසීන බවක් හෝ ඉන් අදහස් නොකරන බවයි.

අතිශය කාර්යබහුල ජීවන රටාවක ගැලී සිටි සමාජයට කෝවිඩ් - 19 හමුවේ නිවෙසේ රැ‍ඳෙමින් සිය දරු පවුලද සමඟ සතුටින් ගත කරමින් ඵලදායීව විවේකය ගත කිරීමට ද අවස්ථාවක් සලසා දී තිබිණි. එසේ වුවද සෑම අයකුම එය අවස්ථාවක් ලෙස බාර නොගත් බව පැහැදිලි වී ඇතැයි දිසානායක මහත්මිය පවසයි. එවැනි පවුල්වල ගැටලුකාරී තත්ත්ව ඇතිවිය. වෙනදා රැකියාවට නිවෙසින් බැහැරව වැඩිකාලයක් ගත කළ පියාට නිවෙසේම රැඳීමට සිදු වීම, ජීවනෝපාය අහිමිවීම හෝ පවුලේ ආදායම් මාර්ග බිඳවැටීම වැනි සාධක ඔහු තුළ පීඩනයක් ඇති කිරීමට හේතු වේ. එය ප්‍රචණ්ඩකාරී හැසිරීම් වශයෙන් මුදාහැරීම විය හැකි දෙයකි.

Comments