‘මිතුරු මිතුරෝ’ සංවිධානයට පැල්වත්ත සමාගමෙන් පරිත්‍යාගයක් | සිළුමිණ

‘මිතුරු මිතුරෝ’ සංවිධානයට පැල්වත්ත සමාගමෙන් පරිත්‍යාගයක්

පැල්වත්ත සමාගම විසින් වසංගත තත්ත්වය හමුවේ දෛනික කිරිපිටි අවශ්‍යතාව සපුරා ගත නොහැකිව සිටි ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි තොගයක් පරිත්‍යාග කරයි.

මිතුරු මිතුරෝ සංවිධානය ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කරන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් සංවිධානයක් වන අතර, එය රජයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ලියාපදිංචි කර තිබේ.

මේ වන විට පැල්මඩුල්ල, කුරුවිට, ගම්පහ සහ පිළියන්දළ යන ප්‍රදේශවල ඒ යටතේ පිහිටුවා ඇති ශාඛා හතරක 350 කට අධික පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබති.

Comments