සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නව විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත | සිළුමිණ

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නව විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර පසුගියදා වැඩ බාර ගත් අතර, මින් පෙර ඔහු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූයේය.

බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20 කට අධික කාලයක් පුරා නියැළී සිටින ඔහු ලීසිං, ෆැක්ටරිං, රක්ෂණ, එකතුකිරීම්, ප්‍රතිසාධන සහ නඩු කටයුතු ආදී පුළුල් පරාසයක විහිදුණු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වෘත්තිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයකු සහ සොලිසිටර්වරයකු වන ඔහු වාණිජ බේරුම් කිරීම් සහ නැව් නීතිය සම්බන්ධ හසළ දැනුමකින් යුතු වෙයි.

Comments