විශිෂ්ට සේවා ස්ථාන සහතිකය මෙරට සමාගම් දෙකකට | සිළුමිණ

විශිෂ්ට සේවා ස්ථාන සහතිකය මෙරට සමාගම් දෙකකට

ජාත්‍යන්තර තක්සේරුකරණ ප්‍රමිතීන් සහ සංස්කෘතික විගණන අවශ්‍යතා සපුරාලීම මත HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI), සේවය කිරීමට විශිෂ්ට ස්ථාන ලෙස සහතික ලබා ගත්හ. මෙය ලබාදුන් Great Place to Work ආයතනය, ගෝලීය පුද්ගල විශ්ලේෂණ සහ උපදේශන සමාගමක් වන අතර ජාත්‍යන්තරයේ සමාගම්හි ආයතනික සංස්කෘතිය සහ සේවක සංජානනය තක්සේරු කිරීම පිළිබඳ ජාත්‍යන්තර තලයේ අධිකාරීත්වය දරයි.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ.

HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB ඇෂුවරන්ස් PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ.

HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන සමාගමක් වේ.

Comments