ඩයලොග් වෙතින් ‘පෙට්‍රලෙක්ස්’ | සිළුමිණ

ඩයලොග් වෙතින් ‘පෙට්‍රලෙක්ස්’

Petralex ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් බ්‍රෙඩිකින් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර අංශයේ කළමනාකාර දමිත ගුණවර්ධන විසින් Petralex App (යෙදුම) සමාජගත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්මාට්ෆෝන් පාදක කරගත් ශ්‍රවණ ආධාරක සඳහා විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයෙකු වන පෙට්‍රලෙක්ස් (Petralex) සමඟ එක්ව, සියලූම ජනප්‍රිය ජංගම දුරකතන සඳහා පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම (app) හඳුන්වාදී ඇත. පෙට්‍රලෙක්ස් භාවිත කරන්නන් හට සිය ජංගම දුරකතනය සමඟ ඕනෑම wire හෝ Bluetooth Headset එකක් උපයෝගී කරගනිමින්, එය ශ්‍රවණ ආධාරක මෙවලමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකස් කර ඇත. ශ්‍රවණ ආබාධ සහිත අය හෝ ශ්‍රවණ හැකියාව අහිමිවෙමින් පැවතීම අත්විඳින අය අරමුණු කරගනිමින්, නිර්මාණය කර ඇති මෙම යෙදුම (app) සහනදායී මිලකට භාවිතයට ගත හැකි පහසුම විසඳුමක් ලෙසද නම් කිරීමට පුළුවන.

පෙට්‍රලෙක්ස් (Petralex) යෙදුම මූලිකව Google Play Store සහ Apple App Store ඔස්සේ රුපියල් 1,900 ක මාසික ගාස්තුවකට ලබාගැනීමේ හැකියාව මීට පෙර සලසාදී තිබූ අතර, ඩයලොග් සහ පෙට්‍රලෙක්ස් (Petralex) සාර්ථක සහයෝගීත්වයෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොළට මෙය හඳුන්වාදීමත් සමඟ, රුපියල් 180 + බදු ගාස්තු සහිත මාසික ගාස්තුවකට දැන් එය ලබාගත හැකිය.

 

Comments