කොවිඩ් මැඬලන්න සියැට් වෙතින් සත්කාරයක් | සිළුමිණ

කොවිඩ් මැඬලන්න සියැට් වෙතින් සත්කාරයක්

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම නැවතත් කොවිඩ්-19 රැල්ලකින් ජනතාව ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මේ අනුව මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රවාහන මණ්ඩලය (SLTB) සමඟ කටයුතු කරමින් සිටින අතර, දිවයිනේ ප්‍රධාන වෙළඳ ස්ථාන හා සබැඳි ලොරි රථ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට පුද්ගලික ආරක්ෂිත සහ පිරිසිදුකාරක කට්ටල ලබාදීමේ වැඩසටහනක් සහ රටපුරා පිහිටි සමාගමේ වෙළඳ නියෝජිතයන්ගේ කාර්ය මණ්ඩලවල පීඩාවට පත්වූ සාමාජිකයන් වෙනුවෙන් වියළි සලාක ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

මේ අනුව, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට සහයෝගය ලබාදෙමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ බස්රථ 350 ක ගමන් කරන මගීන්ගේ භාවිතය සඳහා අත් සේදුම් කාරක ලබාදීමට සමාගම කටයුතු කර තිබේ.

මීට අමතරව ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන සමාගමේ ප‍්‍රමුඛතම වෙළඳ නියෝජිතයින් සමාගම් සියයක ඇඳිරි නීති කාලය නිසා අපහසුතාවට පත්වූ ටයර් සවිකරන සේවකයන් 500 ක් සඳහා ඉදිරි මාස තුනක කාලය සඳහා වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක්ද සමාගම විසින් ආරම්භ කර තිබේ.

-----------------------

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි විසින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක වෙත සංකේතාත්මක පරිත්‍යාගයක් කරමින්.

(වමේ සිට) සියැට් කැළණි හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විකුණුම් – ඊ කලාපය ඉන්දික ඇල්ලේපොල, සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අරින්දම් චක‍්‍රබාර්ති සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් - පණ්ඩුක ස්වර්ණහංස ද මෙම අවස්ථාවට සහභාගී විය.

Comments