කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් කොමර්ෂල් අන්තර්ජාල ගෙවීම් සේවාවෙන් ඔබේ නිවෙසටම | සිළුමිණ

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් කොමර්ෂල් අන්තර්ජාල ගෙවීම් සේවාවෙන් ඔබේ නිවෙසටම

 ලංකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමාණය සහ එමගින් ඉදිරිපත් කරන භාණ්ඩ පරාසය දිනෙන් දිනම වර්ධනය වීම හමුවේ මෙරට ඊ-වාණිජ්‍ය කටයුතු සඳහා පහසුකම් සැපයීමේ දැවැන්තයකු වන කොමර්ෂල් බැංකුව, ලංකාවේ සැකසූ මස් නිෂ්පාදන අලෙවිකරන ප්‍රමුඛතම සමාගමක අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස තෝරාගෙන තිබේ.

Keells Krest සහ Elephant House සන්නාමවල නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා පිහිටුවා ඇති ‘Meat House’ සමාගම කොමර්ෂල් බැංකුවේ නවතම අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවා ගැනුම්කරුවා බවට පත්වී ඇත. මෙම සමාගම කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. (KFPL) සමාගම පූර්ණ අනුබද්ධ ව්‍යාපාරයකි. මෙම නවතම ඒකාබද්ධවීම සමග ගනුදෙනුකරුවන්ට මෙම සමාගමෙන් අන්තර්ජාලය ඔස්සේ නැවුම් සහ සැකසූ මස් නිෂ්පාදන මිලදීගැනීමේ අවස්ථාව උදාවී තිබේ. මෙහිදී, ඇනවුම් කරන සියලුම නිෂ්පාදන කීල්ස් ෆුඩ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමේ කර්මාන්ත ශාලාවේ සිටම අමතර පිරිවැයකින් තොරව, නැවුම්ව සහ ආරක්ෂාකාරීව මෙන්ම කරදරයකින් තොරව සියලුම ගැනුම්කරුවන් වෙතට පැමිණ බාරදෙනු ලබයි.

කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවාව මගින් වංචා මැඩලන සේවා රැසකට ප‍්‍රවේශය ලබාදී තිබෙන අතරට ඒවා අතරට ‘මාස්ටර්කාඞ් සෙක්යෝ කෝඩ්’, ‘වේරිෆයිඩ් බයි වීසා’ ත්‍රිමාන ආරක්ෂිත ස්ථීර කිරීමේ විසඳුම, කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීයව හැසිරවීමේ අවස්ථාව, ටෝකෙනයිසේෂන් හරහා කාඩ්-ඔන්-ෆයිල් ගනුදෙනු සක‍්‍රීය කිරීම, මිලදීගන්නාගේ කාඩ්පතේ සංවේදී දත්ත වෙළෙඳුන්ගේ පද්ධතියෙන් ඈත්කිරීම ඇතුළත් වේ. මේ අතර, PHP, Java සහ C Sharp වැනි බහුවිධ භාෂා පද්ධතීන්ට මෙමගින් ඒකාබද්ධතා විකල්ප ලබාදෙන අතර විවිධ වූ උපකරණ භාවිතා කරන්නන්ට පහසු අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර තිබෙන උපකරණ ප‍්‍රශස්ත ගෙවීම් තිර සඳහාද සහයෝගය ලබාදෙයි.

ඊ-වාණිජ්‍ය ක්ෂේත‍්‍රයෙන් ප‍්‍රතිලාභ ලබාගනිමින් මෙරට දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා ‘ComBank Simple Pay’ නමින් පද්ධතියක් හඳුන්වා දෙන ලදී.

Comments