ලංකාවට එන්න විදෙස් ශ්‍රමිකයෝ ලක්ෂයක් බලා සිටිති | Page 2 | සිළුමිණ

ලංකාවට එන්න විදෙස් ශ්‍රමිකයෝ ලක්ෂයක් බලා සිටිති

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විටත් ලංකාවට පැමිණීමට විදෙස්ගත ශ්‍රමිකයින් ලක්ෂයක් පමණ සූදානමින් සිටින බවත්, රජයේ අපේක්ෂාව සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රථම මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීම බවත්, මේ වන විටත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ඊට ප්‍රමුඛස්ථානය ලබා දී කටයුතු කරමින් සිටින බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි සිළුමිණට කීය.

මේ වන විට රටවල් 117ක 52,401ක් මෙරටට පැමිණීමට ලියාපදිංචිව සිටින බවත්, එයින් බහුතරයක් මැද පෙරදිග ශ්‍රමිකයින් බවත්ය. මීට අමතරව මාලදිවයින, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රටවල ශ්‍රමිකයින්ද මේ පිරිසට අයත්ව ඇත. මේ වන විටත් අවස්ථා ගණනාවකදීම රටවල් 38ක 9580ක ශ්‍රමිකයින් හා පිරිසක් මෙරටට ගෙන්වා ගෙන ඇත. ඊට අමතරව උසස් අධ්‍යාපනය ලබන සිසුන් දහස් ගණනක්ද මෙරටට පැමිණ තිබේ. එසේ වුවත් දිනකට මෙහෙයුම් සිදු කළ හැක්කේ ගුවන් යානා හතරකට පමණක් බවයි.

Comments