මැතිවරණයට ජන හමු රැසක් රට පුරා | සිළුමිණ

මැතිවරණයට ජන හමු රැසක් රට පුරා

මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයින පුරා ප්‍රධාන පෙලේ මහජන හමුවීම් 160ක් පමණ පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම මහජන හමු අතරින් පනහකට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිත බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුරා මහජන හමු සියයකට පමණ සහභාගි වීමට සැලසුම් කර තිබේ. සෑම මැතිවරණයකදී මෙන්ම මෙවරද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජන හමු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ අතර සමඟි ජන බලවේගය දිවයින පුරා ආසන මට්ටමින් ජන හමු 400ක් පමණ සංවිධානය කර ඇති බවත් දැනටමත් දිස්ත්‍රික්ක තුනක ආසන මට්ටමේ ජනහමු පවත්වා ඇති බවත් එම බලවේගයේ මාධ්‍ය ඒකකය සදහන් පවසයි. මෙන්ම සැම ආසනයකම පොකුරු රැස්වීම් තුනක් සංවිධානය කර ඇති බවද එම මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

එජාපයේ මෙවර ප්‍රචාරක කටයුතු සදහා වැඩි වශයෙන් ඔන් ලයින් ක්‍රමය භාවිතා කීරිමට එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. මේ අතර දිස්ත්‍රික්ක හා ආසන මට්ටමේ ජන හමු සංවිධානය කර ඇතත් මේ දක්වා ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

Comments