ඉඩම් ඔප්පු වෙනුවට ඉලෙක්ට්‍රොනික් පාස් පොතක් | Page 2 | සිළුමිණ

ඉඩම් ඔප්පු වෙනුවට ඉලෙක්ට්‍රොනික් පාස් පොතක්

ඉදිරියට ලියාපදිංචි කරන සෑම ඉඩමක් වෙනුවෙන් ම ‍ඔප්පු වෙනුවට ඉලෙක්ට්‍රොනික සටහන් ඇතුළත් ආරක්ෂිත පාස් පොතක් ලබාදෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.පී. විතානගේ පවසයි.

ව්‍යාජ හා වැරැදි ඉඩම් ලියාපදිංචිය පිළිබඳව වසරකට පැමිණිලි 3000 ක් ලැබෙන බවත්එවැනි අක්‍රමිකතා වැළැක්වීමට ඉඩම් ලියාපදිංචි කිරීමට ලබන මාසේ සිට නව විද්‍යුත් ක්‍රමයක් ක්‍රියාවට නංවන බවත් ඒ මහතා පවසයි. ඒ අනුව ලබන මස සිට අලුත් ඔප්පු හා පත්ඉරු සියල්ල විද්‍යුත් ක්‍රමයකට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉලෙක්ට්‍රොනික ලෙස ලියාපදිංචි කරන බවත් අයිතිකරුට ඒ පිළිබඳව සියලු දත්ත අයිතිකරුවන්ගේ වෙනස්වීම් හා අයිතිය පෙන්වන පාස් පොතක් ලබාදෙන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව අගෝස්තු මස සිට ලියාපදිංචි කරන අලුත් ඉඩම් සඳහා ලැබෙන විද්‍යුත් ලේඛනවල පැරණි පත්ඉරුවල තොරතුරු ද ඇතුළත් වනු ඇත. මේ ඉඩම් විද්‍යුත් ලෙස ලියාපදිංචි ක්‍රමය දැනටමත් අවිස්සාවේල්ල හා පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ කර තිබේ.

Comments