‘යහපාලන’ ආණ්ඩුව තරුණයන්ට කළ හැකි විශාලම හානිය කළා | සිළුමිණ

‘යහපාලන’ ආණ්ඩුව තරුණයන්ට කළ හැකි විශාලම හානිය කළා

තරුණ ප්‍රජාව යනු මේ රටේ අනාගතයයි. විශේෂයෙන් අපි තරුණ තරුණියන් ගැන කතා කළත් තරුණ අය ඉදිරියට ගෙන ආ යුතුයි; ඔවුන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබා දිය යුතුයි කියන කාරණා කතා කළද ඇත්ත වශයෙන්ම ඇතැම් අවස්ථාවලදි වචන වලට පමණක් සීමා වූ අවස්ථා ඇත. ඇත්තටම මේ තරුණ ප්‍රජාව පිළිබඳ ගොඩනැගෙන කතාබහ ප්‍රායෝගිකව සිදුවනවාද යන කාරණාව පිළිබඳව බලධාරීන් සැලකිලිමත්විය යුතුයි‍‍. අපේ පළාත්පාලන පනතේ ප්‍රතිපාදන අනුව වයස අවුරුදු තිස්පහට වඩා අඩු තරුණ තරුණියන්ට සියයට විසිපහක ප්‍රමාණයක් දක්වා නාමයෝජනා පත්‍ර ලැබීමට ප්‍රතිපදාන තිබුණි.

පසුගිය රජය විසින් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව තරුණ තරුණියන් සඳහා දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට ලැබුණු ඉඩ ප්‍රස්ථාව ඇහිරී ඇත. ඒ් පනත ප්‍රකාරව පැහැදිලිව තරුණයන් සඳහා වෙන්වූ ඒ් ඉඩ ප්‍රස්ථාව පමණයි; තරුණ තරුණියන්ට මේ රටේ පාලන තන්ත්‍රයට යොමු වීමට ඇති එකම අවස්ථාව වුණේ. අද බොහොමයක් තරුණ තරුණියන්ට දේශපාලනික වශයෙන් ඉදිරියට ඒ්මට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරී ඇත. දේශපාලනික පසුබිමක් ඇති පවුල් වල තරුණ තරුණියන්ට පමණක් අද දේශපාලනයට පිවිසීමට හැකි තත්ත්වයක් මේ අනුව උදා වී ඇත. සාමාන්‍ය ජනතාවගේ දරු දැරියනට සාමාන්‍ය පවුල් පරිසරයකින් එන කෙනකුට මේ අනුව දේශපාලනයට පිවිසීමට ඇති ඉඩකඩ ඇහිරී ඇත.

මේ සංශෝධනය අනුව තරුණ තරුණියනට අසාධාරණයක් සිදුවී ඇති බව ඉතා පැහැදිලිය. අපේ රටේ දේශපාලනික පසුබිම සැකසී ඇති ආකාරය සමඟ දේශපාලනික පවුල් පරිසරයක් නැති අයට දේශපාලනයට ප්‍රවිෂ්ට වීම අති දුෂ්කර කාර්යයකි. මේ රටේ තරුණ හඬට ඇහුම්කන් නොදීම නිසා තරුණ නැගිටීම් ඉතිහාසයේදී අපි අවස්ථා දෙකකදීම දුටුවෙමු. එනම් 1987- 88 වර්ෂවල හා 1971 වර්ෂයේ ඇති වූ තරුණ නැගිටීම් අපි දුටුවෙමු. මේ අවස්ථා දෙකේ දිම තරුණයන් තරුණියන් විශාල සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වීය.

තරුණයන්ගේ ඉවසී‍‍‍‍‍‍ම පුපුරා යෑමක්්‍ ලෙස මේ සිදුවීම දැකිය හැකියි. මේ වැනි තරුණ නැගිටීම් කාලයෙන් කාලයට සිදුවීමට හේතුව ඒ් තරුණයන්ගේ හඬට ඇහුම් කන් නොදීමයි. ඇත්ත වශයෙන් ම මේ තරුණයන්ට ඇහුම් කන්නොදීම සහ තරුණයන් වෙනුවෙන් හඬ නඟන්න පිරිසක් ජනතා නියෝජිතයන් අතර නොසිටීමයි. ඒ් සඳහා අවස්ථාව ලබා දියයුතුයි.

සාමාන්‍ය පවුල් පරිසරයක ඉපදුණ නිදහස් අධ්‍යාපනය ලැබු උගත් බුද්ධිමත් තරුණ පරපුරට අවස්ථාවක් දිය යුතුයි. පසුගිය යහපාලන ආණ්ඩුව තරුණයන් ගැන කතා කරන බව පෙන්නමින් තරුණයන් වෙනුවෙන් හඩක් නඟන්නට තිබු ඉඩකඩ පවා අහුරා දැමීය. පාර්ලිමේන්තුවේ කතා කළත් මේ මහපොළොවේ පවතින යථාර්ථයේදි ඔවුන් නව මතධාරින්ට ඉඩක් නොදීම සූක්ෂම ලෙස සිදු කළ බව පෙනෙයි. අපි නැවතත් යල්පැනගිය මතවාද වලට පමණක් ඉඩක් ඇති තැනක් බවට පාර්ලිමේන්තුව පත් නොකළ යුතුයි. මේ පනත යළි සංශෝධනය කිරීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු කරුණකි.

මේ ආකාරයට මේ රටේ දේශපාලන ක්‍රමය පැවැතුණහොත් ඉන්දියාවටත් එහා ගිය ආකාරයේ වයෝවෘද්ධ දේශපාලනයක් බවට පත්වෙනු නියතයි. 2018 මැතිවරණය පිළිබද කතා කළහොත් තරුණයන්ට එහි ලැබී ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා සීමිතයි.‍‍ එය තරුණයන්ට එල්ල වූ මරුපහරකි. පහුගිය යහපාලන ආණ්ඩුව ක‍ළේ තරුණයන් කළ හැකි විශාලම හානියයි. එය සිදු කරනු ලැබුවේ සාම්ප්‍රදායික ‍දේශපාලනයේ නිරත අයවලුන් ය. ‍ඡන්දයට ඉදිරිපත් වන ‍‍මේ සාම්ප්‍රදායික පිරිස අවුරුදු තිස්පහ ඉක්මවූ පිරිසයි.

‍මේ මැතිවරණ ක්‍රමය අනුව සහ ‍මේ රාමුව තුළ කිසිදු ආකාරයට දෙවැනි පෙළක් නිර්මාණය නොවෙයි. කාන්තාවන්ට ඇති තත්ත්වයම තරුණ තරුණියන්ට ඇති කිරීමට නොහැකි ඇයි යන ප්‍රශ්නය ‍ මෙහිදී මතු වෙයි. තරුණයන් තුළ ‍දේශපාලනයට එ්මට ඇති උනන්දුව සහ ඉඩ ප්‍රස්ථාව පැහැදිලිව ‍‍‍ අහුරා ඇති ආකාරය අපිට ඉතා පැහැදිලියි. ‍මේ පිළිබඳ කතිකාවක් ඇරැඹිය යුතුයි. ‍‍‍මෙහි ඇති බැරෑරුම් බව අපි ‍තේරුම් ගත යුතුයි. සමාජය ශීග්‍රයෙන් ‍වෙනස් වන අතර අලුත් තරුණ ප්‍රජාවට අප අවස්ථාව දිය යුතුයි.‍

මේ වනවිට තරුණ තරුණියන් ‍‍‍‍දේශපාලනයට පැමිණීමට මන්දෝත්සාහී ස්වරූපයක් පැවැතීමට ‍හේතුව දේශපාලනය තුළ එ් අයට අනාගතයක් නැති බව පෙනීමය.‍ දේශපාලනික වශ‍යෙන් නව මාවතක් අපි සැකසිය යුතුයි. ‍‍‍මේ පිළිබඳ සමාජයේ කතිකාවක් ‍ගොඩ නැගිය යුතුයි. රටක් සීග්‍රයෙන් ‍‍වෙනස්වන විට ‍සමාජය ද වෙනස් වෙයි. අපි සමාජයට අනුගත වීම ‍සේම නව තාක්ෂණයට හුරුවිය යුතුයි. සිතුම්පැතුම් ආකල්පමය ‍වෙනසක් අපි ඇති කරගත යුතු අතර ඒ සඳහා තරුණයන්ට අවකාශ දිය යුතුයි.

අදවන විට අපි ‍දේශපාලනික වශ‍ෙයන් රටක් ලෙස ඉදිරියට යාමක් සිදු‍ නොවෙයි. තරුණයන් තුළ ඇති පරිකල්පන ශක්තිය ඉතා වැඩියි. තරුණයන් ‍ගේ සිතුම් පැතුම්වලට ඔබින ආකාරයට පරිකල්පනය ඔවුන් සතුව තිබුණද වයෝවෘද්ධයන්ට දේශපාලනය තුළ ආකල්පමය ‍වෙනස් කම් ඇති කිරීමට ‍නොහැකියි.

‍මේ ‍දෙවැනි ‍පෙළ නිර්මාණය ඉතා කඩිනමින් කළ යුතුයි. ඒ සඳහා අවැසි ව්‍යවස්ථාමය ‍වෙනස්කම් ඉතා ඉක්මනින් කළ යුතුයි. ඡන්දය ලබා දීමේදී තරුණ අපේක්ෂකයන් ‍වෙනු‍වෙන් මනාප තුනෙන් එකක් ‍වෙන් කළ යුතුයි. උගත් බුද්ධිමත් රටට ආදරය කරන එවැනි පිරිසකට අපි ‍අවකාශය ලබාදිය යුතුයි. වි‍ශේෂයන් මා විශ්වාස කරනු‍‍යේ එයයි. නැවත වතාවක් තරුණ තරුණියන්ට පාර්ලි‍මේන්තුවට පිවිසීමේ ‍මේ වරප්‍රසාද‍ය ලබ‍ාදිය යුතුයි.‍ දෙවැනි ‍පෙළක් නිර්මාණය වන්‍නේ එවිටයි. ‍‍දෙසිය විසිපහ ම ‍‍‍වෙනස් විය යුතුයි කියා මා ‍මෙයින් අදහස් ‍නොකරන අතර රට‍ ජාතිය ‍වෙනු‍වෙන් විශාල කැපකිරිම් කළ පිරිසක් පාර්ලි‍මේන්තුව තුළ දැනටමත් සිටී. කැපකිරීම් කළ පිරිස් අනිවා‍ර්යයෙන් පාර්ලි‍මේන්තුවට යා යුතුයි. අවංක තරුණයන් ‍‍කෙරහි බොහෝ දෙනා විශ්වාසය තබා ඇත. සමාජ‍‍ය තුළ මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති කළ යුතුයි. ‍රට වෙනුවෙන් කැපවූ දේශපාලන ගමන් මගක් ඇති නායකත්වයෙන් අනිවා‍ර්යෙන්ම පාර්ලි‍මේන්තුවේ සිටිය යුතුයි. එවැනි ‍දේශපාලනඥයන් නොවන්නට ‍මේ කතා කරන ‍මොහොත පවා ‍මේ රටේ ජනතාව ‍කොරෝනාවෙන් මියයන තත්ත්වයක සිටින බව නිසැකයි. ‍ජනතාව ‍වෙනස් වී ඇති බව පසුගිය මැතිවරණයේදී අපි දුටුවා.

මේ වෙනස තුළ හැකියාව ඇති අයට ‍දේශපාලනයට ප්‍රවිශ්ට විය හැකි මාවතක් නිර්මාණය වී ඇත. එය මා වැනි කිසිදු පවුල් පරිසරයකින් ‍දේශපාලනයට සම්බන්ධ ‍නැති අය ‍දේශපාලනයට ප්‍රවිශ්ට වීමට ලැබුණු අවකාශය සුවි‍ශේෂයි. පසුගිය කාලයපුරා රට වෙනුවෙන් කළ කුමක් සුවි‍ශේෂී කරුණක් නිසා ‍ මට මේ අවස්ථාව හිමි වුණා යැයි ම‍ගේ විශ්වාසයයි.

යහපාලන ආණ්ඩුවට ගල්ගැසු අතළොස්ස අතර මා සුවි‍ශේෂ වුණා යැයි මා විශ්වාස කරන අතර එසේ ‍‍නොකළා නම් තරුණ ප්‍රජාවට ‍හෙට රටක් ඉතුරු ‍නොවන බව අනිවාර්යය කාරණාවකි. ඒනිසා පවුල් පරිසරයක්, පදනමක් නැති තරුණයන්ට ‍‍ගෝඨාභය මහතා‍ගේ නායකත්වය යටතේ යම් ඉඩකඩක් හිමි ව ඇති බවට මා සුවි‍‍ශේෂ උදාහරණයකි. මට ලැබු‍ණේ සුවි‍ශේෂ අවස්ථාවකි. මා පසුගිය වසර පහ තුළ කළ අරගලය නිසා මෙන්ම මා වැනි රටට ආදරය කරන තරුණ පරපුර වෙනු‍වෙන් නීතිමය වශයෙන් ‍‍මේ අපේක්ෂිතයකු වීමේ අයිතිය හිමි විය යුතුයි. තරුණයන්ට ‍අවස්ථාව ඇහිරී ඇති අතර, ඇතැම් තරුණයන්ට මේ පසුගිය කාලේ සිදු කළ මේ කප්පාදු ව පිළිබඳ අවබෝධයක් නැත. ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් ‍ශෝචනීය තත්ත්වයකි.

‍ තරුණ පරපුරට අති විශාල ගැටලු රාශියක් පවතී. වි‍ශේෂයෙන් විරැකියාව වැනි කරුණු තරුණ අසහනය වැඩි කිරීමට බලපා ඇති සුවි‍ශේෂි කාරණාවකි. ප්‍රශ්නය මුලට අපි පිළිතුරු ‍දිය යුතුයි. ඉන්දියා‍වේ අද පිබිදීමක් ඇති වී ඇත්තේ වසර පහළොවකට මෑත ඉතිහාසය තුළ ඇති වූ අධ්‍යාපන ක්‍රමවේදයන්ගේ වෙනස්වීම්ය. ඉන්දියාව අධ්‍යපන ක්‍රමවේද අනුව අද ඉගැන්වී‍‍මේ බස ඉංග්‍රීසි බවට පත් කිරීම තුළ ජාත්‍යන්තරයත් සමඟ ඇති සබඳතාවන් සමීප කිරීමට හැකි විය. අධ්‍යපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ හරහා ලෝකය දිනාගැනීමට ඉතා පහසුයි.

අපේ දරුවන් උපාධියක් දක්වා උගත් කම ඇති කරගත්තද ‍‍ලෝකය දිනා ගැනී‍මේ හැකියාවක් ‍නොමැතිවීම ‍මේ විරැකියාවට සුවි‍ශේෂ කරුණකි. ඒ අනුව වෘත්තිකයන් බිහිකරන රැකියාවන්ට සුදුසු අධ්‍යාපන රටාවක් බිහිකිරීමේ අධ්‍යාපන ක්‍රමවේද ප්‍රතිසංස්කරණය විය යුතුයි. මා හිතන්නේ ඉංග්‍රිසි භාෂාවන් සමඟ භාෂාමය දැනුම තාක්ෂණික දැනුම අපි අනිවා‍ර්යයෙන් ලබාදිය යුතුයි. අද විසි දහසක් පමණ අධ්‍යාපනය හදාරා නිම කළද නිර්මාණය වන රැකියා ප්‍රමාණය දෙදහසක් පමණ ‍වෙයි. දහ අට දහසක් පමණ විරැකියාව ට එකතු වෙයි. ඒ වපසරිය වසරින් වසර වැඩිවන තත්ත්වයක් පවතී. ප්‍රශ්නය මුලින් ‍සොයා ගත යුතුයි.

ප්‍රශ්න‍යේ මුලටයි විසදුම් ‍සෙවිය යුතු වනුයේ. අ‍පේ අධ්‍යපන ක්‍රමවේදය ප්‍රායෝගික ක්‍රමවේද අනුව ‍‍වෙනස් විය යුතුයි. අප‍ තරුණයන්ට ‍වෙනත් බාහිර අංශයන් ‍කෙරෙහි ‍යොමු කර ඒ සඳහා සන්නද්ධ කළ යුතුයි. ලෝකය බබළන්න ඇති ‍හොඳම ක්‍රමවේදයක් ‍ලෙස ක්‍රීඩාව සුවි‍ශේෂයි. ‍කොළඹ දිස්ත්‍රික්කයේ අංග සම්පූර්ණ පාසල් කිහිපයක් පමණයි තිබෙන්නේ. උතුරු කොළඹ තවමත් ජාතික පාසලක් නැත. මේ ක්‍රමවේද අපි ‍වෙනස් කළ යුතුයි. ර‍‍‍ටේ හැම ප්‍රදේශයටම අංග සම්පූරණ එක් පාසලක් ‍‍හෝ ‍ගොඩනැගිය යුතුයි.

මැතිවරණයකට ඉදිරිපත් ‍වෙන අපේක්ෂකයන් තුළ ‍මෙවැනි අපේක්ෂාවන් තිබිය යුතුයි. අද මුදල් නැති අයට ‍දේශපාලනය පැමිණිය ‍නොහැකියි. පොරොන්දු දේශපාලනයෙන් තොර විය යුතුය. තරුණයන්ට ඇති ගැටලු තරුණ ප්‍රශ්න ගැන කතා කරන්න නම් තරුණ හඬක් තිබිය යුතුයි. අපි ‍වෙනස් ‍අලුත් දේශපාලනික කියවීමකට යොමුවිය යුතුයි. රටේ ‍දේශපාලන ගමන්මග නිවැරදි දිශානතියකට හැරවිය යුතුයි. එය අද ද ව‍ෙසෙන තරුණයන් සතු වගකීමක් වන අතර ඒ තරුණ හඩට හඬක් නැඟීමට ‍වේදිකාවක් නිර්මාණය විය යුතුයි.

ඒ ‍වේදිකාවේ ජනතාව අතරට යන නි‍යෝජිතයකු වීමට ‍දේශපාලනික අධිකාරිය විසින් අවකාශයක් ලබාදිය යුතුයි. අපේ උගත් බුද්ධිමත් තරුණයන් ‍මෙරටින් පිටරටට යන රැල්ලක් නිර්මාණය වී තිබුණේ ද ඒ හෙයිනි . ‍‍මේ ර‍ට තුළ තමන්ට අවකාශ නැති බව ඔවුන්් තුළ වූ ආකල්පයයි.

ඒ තත්ත්වය ‍වෙනස්විය යුතුයි. අද වනවිට රටේ තත්ත්වය වෙනස් ‍ වෙමින් පවතිනු‍‍යේ ජනාධිපති ‍‍ගෝඨාභය පිළිබඳ ඇති විශ්වාසය නිසයි. රට තිබුණ තැනින් ‍වෙනස් වී ඇත. යල්පැනගිය ‍දේශපාලනය ‍වෙනස් කරන්නට හැකියි කියන ආකල්පය අද තරුණයන් තුළ ඇති වී ඇත.

එ නිසා ‍වෙනස් ‍දේශපාලන සංස්කෘතියක් හා රට යහපත් ‍දිශාවක් කරා ‍‍යොමු කිරිමට සාම්ප්‍රදායික රාමු‍වෙන් එහා ගිය ‍දේශපාලනයක් රට තුළ නිර්මාණය වී තිබීම නිසා රට‍ වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබාදිය හැකියි කියන තැන සමස්ත තරුණ ප්‍රජාවම මේ වනවිට පෙළ ගැසෙමින් සිටියි. ‍ පසුගිය මාස ගණන තුළ තරුණ පිබිදීමක් අපි දුටුවා. ඒ පිබිදීම වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීමට තරුණ අපේක්ෂකයන් පාර්ලිමේන්තුව වෙත යැවීම මේ රටේ යහපත ‍වෙනුවෙන් අද දව‍‍සේ අපේ යුතුකමයි.

Comments