ලේක්හවුස් වෙතින් IDH රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය භාණ්ඩ කට්ටල ප්‍රදානයක් | සිළුමිණ

ලේක්හවුස් වෙතින් IDH රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය භාණ්ඩ කට්ටල ප්‍රදානයක්

 

අයි.ඩී.එච් රෝහලට අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල ප්‍රදානයක් මැයි 30වැනිදා සිදු කෙරිණි. මේ ප්‍රදානය ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණතුංග විසින් අයිඩීඑච් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෙත බාරදුන් අයුරු පළමු ඡායාරූපයේ දැක්වේ.

මුහුණු ආවරණ, අත්වැසුම්, පුද්ගලික ආරක්ෂිත උපකරණ කට්ටල, සපත්තු රඳවන සහ වානේ අල්මාරි ඇතුළු භාණ්ඩ රැසක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

එහිදී ලබාදුන් භාණ්ඩ අයිඩීඑච් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක විසින් නිරීක්ෂණය කරන ආකාරය දෙවැනි ඡායාරූපයේ දැක්වෙන අතර, මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සභාපති, ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම ප්‍රවර්ධන) මධාරා ද මෙල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙවන් අවස්ථාවක ලේක්හවුස් සිය ආයතනික සමාජ වගකීමෙහි කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකිරීම වැදගත්ය.

(ඡායාරූප - රුක්මල් ගමගේ)

Comments