ඉන්දීය අසාදිතයින් ගණන ඉතාලිය පසු කරයි | සිළුමිණ

ඉන්දීය අසාදිතයින් ගණන ඉතාලිය පසු කරයි

කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ.

මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.

ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.

දින කිහිපයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනිකව රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින බවත් දිල්ලි නගරයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

සීඝ්‍රලෙස ආසාදිතයින් වැඩි වුවද සඳුදා(08) සිට සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ් අනුව කඩ සාප්පු, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල නැවත විවෘත කිරීමට නියමිතය.

බෝවන රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වන ගෞතම් මෙනන් පවසා ඇත්තේ අගුලු ඇරීම හැර වෙනත් විකල්පයක් ඉන්දියාවට නොමැති බවයි.

දැවැන්ත ජනගහනයක් සහිත ඉන්දියාවේ මෙතරම් කාලයක් අගුල් දමා තිබීම දුෂ්කර බවත් ඒය ආර්ථික හා සමාජයීය කඩා වැටීමකට හේතුවිය හැකි බවත් ඔහු පවසයි.

(බීබීසී ඇසුරිණි)

Comments