නිරෝධායන නීතියෙන් පසු රජරට පැවැත්වුණු ප්‍රථම විවෘත මංගල උත්සවය | සිළුමිණ

නිරෝධායන නීතියෙන් පසු රජරට පැවැත්වුණු ප්‍රථම විවෘත මංගල උත්සවය

 චිත්‍රාරත්න කළුආරච්චි

හිදෝගම සමූහ

කොරෝනාවෙන් පීඩා ලද ක්ෂේත්‍ර අතර මංගල උත්සව ද ඉදිරියෙන්ම සිටී. වසර ගණන් පෙරුම්පුරා, එක ගෙදරකට වන්නට සිහින දුටු බොහෝ විවාහ අපේක්ෂකයන්ගේ සිහින මාළිගා මේ මාස කිහිපය ඇතුළත නොපෙනෙන ඈතකට පාවී ගියේ ය. එහෙත් රට යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බැවින් ටිකෙන් ටික නිරෝධායන නීතිවලට අනුගතව සිය සිහින සැබෑ කරගන්නට මේ විවාහ අපේක්ෂිතයෝ සූදානම් වෙති. මේ රජරටෙන් ඇසෙන එවන් පළමු විවෘත මංගල උත්සවයේ කතාවයි.

පුරා මාස ගාණක් කොරෝනා වසංගතය නිසා රට පුරාම කොරෝනා ඇදිරි නීතිය සමග විවාහ මංගල උත්සව ද කල් දැමීමට සිදු විය. ලංකාව පුරාම කොරෝනා ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිතව විවාහ මංගල පැවැත්වීමට අවසර ලැබුණි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඇදිරි නීතිය ලිහිල් කළ පසු රජරට පැවැති සෞඛ්‍ය උපදෛස් මත සූදානම් වූ මගුල් ගෙදර පසුගියදා (27)අනුරාධපුර පාලාඩිකුලම ගම්මානයේදි සිදු විය. මෙම මගුල් ගෙදර ගමක පැවැති අතර ඉතා අඩු වියදමින් සිදු කර තිබූ අතර, ආහාර ගැනීම සඳහා ගමක ඇති පැරණි දේ ඇතුළත් කරමින් සකස් කර තිබුණි.

ලංකාව පුරා ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු රජරට සිදුවූ පළමු විවෘත මගුල් ගෙදර මනාලයා වූයේ පණ්ඩුලගම පදිංචි පවුලේ වැඩිමලා වූ ඡායාරූප ශිල්පී ලක්ෂිත බණ්ඩාර (27) වූ අතර මනාලිය වූයේ රූපලාවන්‍ය ආයතනයක අධිපතිනියක් වන පවුලේ වැඩිමලා වු සන්ධ්‍යා කුමුදුනී(26) ය. මෙම යුවළ වසර පහක් තිස්සේ ආදරය කර තිබූ අතර, කොරෝනා ඇදිරිනීතිය ලිහිල් කළ පසු විවාහ මංගල්‍යය සිදු කරන ලදී. සියලුම චාරිත්‍ර විධි එළිමහනේ සිදු කෙරිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂක කල්ප සෙනෙවිරත්න මහතා ගේ උපදෙස් පරිදි මනාලිය වූ සන්ධ්‍යා කුමුදුණී (26) ගේ පියා ලංකා ඛණිජ තල් නීතිගත සංස්ථාවේ සේවය කරන විජේරත්න මහතා සහ චන්ද්‍රවතී මහත්මියගේ නිවසේදී මෙම චාම් උත්සවය පැවැත්විණි. ලක්ෂිත බණ්ඩාර (27) ගේ පියා ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙක් වන අතර මව අනුරුද්ධිකා පෙරේරාය,

Comments