රිලව් ඩැහැගත් ආසාදිතයන්ගේ රුධිර සාම්පල | Page 2 | සිළුමිණ

රිලව් ඩැහැගත් ආසාදිතයන්ගේ රුධිර සාම්පල

ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආසාදිතයන් තිදෙනෙකුගේ සාම්පල රිලා රංචුව රැගෙන ගොස් ඇතැයි නිලධාරීහු පවසති.

ගසකට නැගුණු එක් රිලවෙකු එම සාම්පලයක් කඩමින් සිටින වීඩියෝවක් ද මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.

රිලවුන් මෙම සාම්පල ඒ ආසන්නයේ පිහිටි සෙසු පෙදෙස්වලටද ගෙන යාම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමට අවකාශයක් ඇතැයි ජනතාව තුළ බියක් හටගෙන ඇත.

කෙසේවුවත්, එම ආසාදිතයන්ගෙන් නැවත සාම්පල ගෙන නොමැති බව පැවසේ.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)

Comments