මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව තෙදිනක් | සිළුමිණ

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව තෙදිනක්

58 වැනි මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව ජූනි 4, 5, 6 තෙදින මිහින්තලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ හා මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී ආචාර්ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ආගමික කටයුතු සිදු කැරේ.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් හා විදුලි බලමණ්ඩලයේ සම අනුග්‍රහයෙන් පවත්වනු ලබන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට විශේෂ අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් සමාගම සහ ජාතික ලොතරැයි මණ්ඩලයයි.

4 වෙනිදා පස්වරු 6.00ට ලේක්හවුස් ආලෝක පූජාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

පොසොන් පසළොස්වක දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකිරීමට නියමිතය. එදින ජගත් පරිසර දිනය වෙනුවෙන් මිහින්තලා පරිශ්‍රයේ ජනාධිපතිතුමා විසින් සල් පැළයක් රෝපණය කිරීමට ද නියමිතය.

(හිදෝගම සමුහ චිත්‍රාරත්න කළුආරච්චි)

Comments