ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 173ක් අත්අඩංගුවට | සිළුමිණ

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 173ක් අත්අඩංගුවට

පැය 6 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇඳරි නීතිය ක්‍රියාත්මක ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ වාහන 53 ක් ද සිය භාරයට ගත් බවයි.

පසුගිය මාර්තු 20 වැනිදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ පුද්ගලයින් 66 835 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගෙන තිබේ.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18831 කි.

පසුගිය මාර්තු 18 වැනිදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 23707 කි.

නඩු පැවරීමට අදාළව දඬුවම් නියම කළ සංඛ්‍යාව 9,494 ක් බව පොලීසිය පවසයි.

Comments