අගමැති මැතිසබයට පැමිණ වසර 50යි | සිළුමිණ

අගමැති මැතිසබයට පැමිණ වසර 50යි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිස මැයි 26 දාට වසර 50ක් සම්පූර්ණ විණි. බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට 1970 මැයි 26 තේරී පත් වූ හෙතෙම එවකට සිටි ළාබාලතම මන්ත්‍රීවරයා විය. පසුව ඇමතිවරයකු, විපක්ෂ නායකවරයකු, අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයකු ලෙසද කටයුුතු කළ මහින්ද රාජපක්ෂයන් 2019 නොවැම්බර් යළි අගමැති ධුුරයට පත්විය. මහින්ද රාජපක්ෂයන්ගේ පාලන සමයේ සිදුවූ අතිවිශිෂ්ට මෙහෙවරයන් අතර දශක තුනක් පුරා පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය මුළුනුපුටා දමා රටට ස්ථිරසාර සාමයක් උදාකර දීම ඉතිහාසගතය. ඉදිරි මහ මැතිවරණයේදීද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අගමැති ධුර අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත්ව තිබේ.

ඉහත සේයාරුවෙන් දැක්වෙන්නේ වසර 50ක පාර්ලිමේන්තු කාලය සම්පූර්ණ කළ අගමැතිතුමා මැයි 29දා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගත් අවස්ථාවයි. එහිදී රුවන්වැලි මහා සෑයද වැඳ පුදා ගත් අගමැතිවරයා එම මහ නාහිමිවරුන්ද බැහැ දැක ආශීර්වාදයද ලබා ගත්තේය.

 


Comments