කටාර් සිටි ලාංකිකයින් 268ක් දිවයිනට | සිළුමිණ

කටාර් සිටි ලාංකිකයින් 268ක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.

ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258 ක අසුන් ගෙන සිටි අතර එහි කුඩා ළමුන් සිව් දෙනෙකු ද වෙ.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජ හරණය කිරීමට ලක් කෙරිණ.

ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කලේය.

එම කටයුතු අවසන් වීමෙන් පසු මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගියහ.

Comments